දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැප්තැම්බරයේදී පුටින් - කිම් හමුවක්.
Homeගොසිප්

සැප්තැම්බරයේදී පුටින් - කිම් හමුවක්.

PropellerAds

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් අතර පසුගිය ජුනි 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැති හමුව හැඳින්වු...

රූප රැජිණ වෙන්න ඇමරිකාවට යන මේනකාට උස ප‍්‍රශ්නයක් නෙමේලූ
පොලිස්පතිතුමා නැමුවයි කියාගෙන ගිය නාමල් එෆ්සීඅයිඩිය ඇතුලේදී අත්අඩංගුවට
ෆිට් එක හැදී බිම වැටුණ කෙනාගේත් ෆෝන් එකට විදින රටක්


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් අතර පසුගිය ජුනි 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැති හමුව හැඳින්වුණේ රාජ්‍ය නායක හමු අතරෙනුත් ලොකුම රාජ්‍ය නායක හමුව හැටියට ය. එය එතරම්ම විශේෂ හමුවක් ලෙස සැලකුණු අතර අති දැවැන්ත මාධ්‍ය අවධානයක් දිනාගත්තක් ද විය. ලොව පුරා මිලියන ගණනක ප්‍රේක්ෂක පිරිසක් මෙම හමුව රූපවාහිනි නාළිකා ඔස්සේ නරඹා තිබිණි.

මෙම ඓතිහාසික හමුවෙන් පසු ඊළඟට සිදුවීමට නියමිත සිදුවීම් පිළිබඳව ද බොහෝ දෙනකු තුළ කුතුහලයක් පවතින බව රහසක් නොවේ. ට්‍රම්ප් සමඟ සාකච්ඡාවෙන් පසු ඊළඟට කිම් ජොන්-උන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ ද හමුවක් සඳහා සහභාගි වනු ඇති බවට මේ වනවිට තොරතුරු පළ වෙමින් තිබේ. පුටින් මේ සඳහා ආරාධනාවක් කිම් ජොන්_උන් වෙත එවා ඇති බව සඳහන් වේ. ඒ මෙයට සතියකට පමණ පෙර රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් කිම් ජොන්-උන් හමුවීම සඳහා උතුරු කොරියාවට පැමිණි අවස්ථාවේය. මේ අනුව කිම් ජොන්-උන් සහ පුටින් අතර හමුවක් ලබන සැප්තැම්බර් මාසයේ රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙයි. නමුත් ඒ පිළිබඳව නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්ව නැත. රුසියාවට පැමිණි විට උතුරු කොරියානු නායකයා කලාපීය සමුළුවකට ද සහභාගි වනු ඇති බව පැවැසෙන අතර එහිදී තවත් රාජ්‍ය නායකයන් හමු වීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇතැයි සඳහන් වේ. මේ අනුව කාලයක් පුරා හුදෙකලා නායකයකු ලෙස සිටි කිම් ජොන්-උන් කෙමෙන් ලෝක නායකයන් අතර මුල් පුටුවක් හිමි කර ගනිමින් සිටින ආකාරයක් දැකිය හැකි වෙයි.

මේ අතර ජපාන අගමැති ෂින්සො අබේ ද උතුරු කොරියානු නායකයා හමුවීමේ වුවමනාවෙන් පසුවන බව පසුගිය දිනවල ජපාන මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැම්විට ලබන අගෝස්තු මාසයේ ඔහු උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වීමට ඉඩ ඇති බවටද තොරතුරු පළ වෙමින් තිබේ. එසේ නොවුණ හොත් ඉහත කී රුසියානු සමුළුව අතරදී ඔවුන් අතර හමුවක් සංවිධානය වීමට ඉඩ ඇති බව ද පැවසේ.

මේ අතර කිම් ජොන්-උන් වැඩි කල් නොගොස් ඇමෙරිකාවේ ද සංචාරයක නිරත වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි වෙයි. ට්‍රම්ප් සහ කිම් අතර 12 වැනි දින පැවැති හමුව අතරතුර ට්‍රම්ප් උතුරු කොරියානු නායකයාට ඇමෙරිකාවට ආරාධනා කළ බව සඳහන් විය. කිම් ජොන්-උන් එම ඇරයුම පිළිගෙන ඇතැයිද පසුගියදා උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. එමෙන්ම කිම් ජොන්-උන් ද ට්‍රම්ප්ට උතුරු කොරියාවට පැමිණෙන මෙන් ඇරයුම් කර තිබේ. මේ අනුව ඉදිරි කාලයේ මෙම නායකයන් දෙදෙනා එකිනෙකාගේ රටවල සංචාරය කරනු දැකිය හැකි වනු ඇති අතර නැවැතත් මෙවැනිම දැවැන්ත අවධානයක් එම අවස්ථා වෙතද යොමු වනු නිසැක ය.

මේ අතර ට්‍රම්ප් සහ කිම් දෙදෙනාගේ සිංගප්පූරු හමුව අතරතුර සිදුවූ අපූරු කාරණා කිහිපයක් ගැනද මේ දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වෙමින් තිබේ. එවැනි එක් කාරණයක් මෙම හමුව අතර ට්‍රම්ප් සහ කිම් විසින් අස්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයට අදාළ වූවකි. මෙම ප්‍රකාශනයට අස්සන් කිරීම සඳහා සූදානම් කර තිබූ පෑන කිම් ජොන්-උන් විසින් පාවිච්චි නොකරන ලද බව පසුගිය දිනෙක මාධ්‍ය අනාවරණය කර තිබිණි. ඒ ආරක්‍ෂක පියවරක් වශයෙනි. කිම් සහ ට්‍රම්ප් මෙම අස්සන් කිරීමේ අවස්ථාව සඳහා එම ශාලාවට පැමිණීමට පෙර එහි පැමිණි, අත්වැසුම් පැලඳ ගත් උතුරු කොරියානු ආරක්‍ෂක නිලධාරියකු මේසය මත තබා තිබූ අදාළ පෑන කිහිප වරක් පිසදා පිරිසුදු කරනු දැකිය හැකි වූ බවද සඳහන් විය. පසුව ප්‍රකාශනයට අස්සන් කරන අවස්ථාවේ එම පෑන සම්පූර්ණයෙන්ම අමතක කර, ඒ අසල සිටි කිම් ජොන්-උන් ගේ සහෝදරිය විසින් දෙන ලද පෑනකින් ඔහු අස්සන් කළ බව ඡායාරූප සමඟම සමහර මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙයට හේතුව ලෙස සඳහන් වූයේ ඉහත කී පෑන හරහා විස ශරීරගත කිරීමක් සිදුවිය හැකි බවට වූ සැකයයි. කිම් ජොන්-උන් විශාල ජීවිත තර්ජනයක් ඇති නායකයකු ලෙස සැලකෙන අතර ඔහු ඝාතනය කිරීමේ සැලැසුම් ගැන මෙයට මාස කිහිපයකට පෙර පවා කතාබහට ලක් වූ බව රහසක් නොවේ. ආන්දෝලනයට ලක් වූ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ නතර කර ගැනීමට වෙනත් විකල්පයක් නොමැති වුවහොත් ඔහු ඝාතනය කිරීමේ සූදානමක් තිබූ බව මෙහිදී පැවැසිණි.

මේ අතර ඔහු සිංගප්පූරුවට පැමිණෙද්දී ජංගම වැසිකිළියක් රැගෙන ආ බවට කතාවක්ද මාධ්‍ය තුළ සංසරණය විය. මල මුත්‍රා පිළිබඳ පරීක්‍ෂණ කිරීමෙන් ඔහුගේ රෝගාබාධ ආදිය ගැන දැන ගැනීමට විරුද්ධ පාර්ශ්වවලට හැකියාවක් තිබීමත්, එමෙන්ම ඒවා මඟින් කිම් ජොන්-උන් ගේ ඩී.එන්.ඒ. පිළිබඳ තොරතුරු රැස් කර ගැනීමට හැකිවීමත් මෙහිදී හේතු වශයෙන් සඳහන් විය.

කෙසේ හෝ වේවා, සිංගප්පූරු හමුව සාර්ථක වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් මෙන්ම කිම් ද සතුට පළ කර තිබෙනු දැකිය හැකි විය. මෙයට මාස කිහිපයකට පෙර මෙම නායකයන් දෙදෙනා එකිනෙකා වෙත එල්ල කළ වාග් ප්‍රහාර ආදිය ගැන සිතද්දී අද මෙවැනි සාමකාමී බවක් ඇතිව තිබීම සැබැවින්ම අපූරු කාරණයකි. පසුගිය වසරේ අවසන් හරියේ වරක් ට්‍රම්ප් කිම් ජොන්-උන් හැඳින්වූයේ 'කොට මහත හාදයා' යනුවෙනි. කිම් ද ට්‍රම්ප්ට කීවේ 'මහලු උන්මත්තකයකු' කියාය. නමුත් පසුගිය 12 වැනිදා ඔවුන් හැසිරුණේ ඒ සියල්ල අමතක කර දැමූ අඹ යහළුවන් දෙදෙනකු මෙනි. කෙසේ නමුත් මේ මතුපිටින් පෙනෙන තත්ත්වය තරම් මෙහි අභ්‍යන්තරයේ ඇති ගැටලු සරල නොවන බවද අමතක කළ යුතු නැත. ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වයට පදනම් වන ප්‍රධාන කාරණයක් වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළයි. ඇමෙරිකාවට අවශ්‍යව ඇත්තේ මෙම වැඩපිළිවෙළ නතර කරවාගෙන උතුරු කොරියාව දුර්වල කිරීමට බව පෙනේ. ඇමෙරිකාවේ උපායන් ගැන හොඳින් දන්නා බව පෙනෙන උතුරු කොරියාව එයට එකඟ වනු ඇත්ද යන්න බෙහෙවින් සැක සහිත ය. න්‍යෂ්ටික අවි අත්හැරිය හොත් එයින් තමුන් දුර්වල වීම ප්‍රයෝජනයට ගනිමින් ඇමෙරිකාව දකුණු කොරියාව ද සමඟ එක්ව තම රටට දැනටත් වඩා බලපෑම් කරනු ඇති බවත්, කිම් ජොන්-උන් පාලනය පවා පෙරළා දැමිය හැකි බවත් ඔවුන්ගේ විශ්වාසයයි. කෙසේ නමුත් දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ සිංගප්පූරුවේදී ඇරඹුණු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගය හරහා ඉදිරියේදී උතුරු කොරියාවේ අවශ්‍යතා සහ ඇමෙරිකාවේ අවශ්‍යතාද, ඔවුන්ගේ මිතුරු පාර්ශ්වවල අවශ්‍යතාද සියල්ල තුලනය කළ හැකි විසඳුමකට ඒමට මේ සියලු දෙනාට හැකිවනු ඇත්ද යන්න පිළිබඳව ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැප්තැම්බරයේදී පුටින් - කිම් හමුවක්.
සැප්තැම්බරයේදී පුටින් - කිම් හමුවක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx6d_FZdoRHfmBA-mpGshsFDVooOyNydQDjjFSyRgGVdOQ5EHxemX5IpVTs6yNgtmQsLxvz6__lps2b-0TjfZ0-Bl_hgF4hqYsS5Aj2sralPk8wd33R01ESwEe3nVvwrXzy0DXKP34jso/s1600/skynews-putin-kim-jong-un-north-korea_4203460.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx6d_FZdoRHfmBA-mpGshsFDVooOyNydQDjjFSyRgGVdOQ5EHxemX5IpVTs6yNgtmQsLxvz6__lps2b-0TjfZ0-Bl_hgF4hqYsS5Aj2sralPk8wd33R01ESwEe3nVvwrXzy0DXKP34jso/s72-c/skynews-putin-kim-jong-un-north-korea_4203460.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_124.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_124.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy