දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා රජයේ සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි.
Homeගොසිප්

ශ්‍රී ලංකා රජයේ සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි.

PropellerAds

රජය සතු සියළු වත්කම්වල වටිනාකම රු. බිලියන 814 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වසර 2015 සිට මධ්‍ය...

විජිතමුණිගෙ නම ඇමතිකමක් සඳහා මා මෛත්‍රිට යැව්වෙ නැත - කළු මාධ්‍ය බොරු දාලා - රනිල්
සුවවූ ජයලාල් රෝහණ මියගියැයි අසත්‍ය ප්‍රචාර නිසා රෝහල් ඇඳේ සිට අමතයි
මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රධානි නියෝමාල් රංගජීවට මාරුවක්-ආරක්ෂාවත් ඉවත් කරලා


රජය සතු සියළු වත්කම්වල වටිනාකම රු. බිලියන 814 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වසර 2015 සිට මධ්‍යම රජය සතු මූල්‍ය නොවන වත්කම් හඳුනාගැනීම, තක්සේරු කිරීම හා ගිණුම්ගත කිරීම සිගාස් (New CIGAS) වැඩසටහන හරහා විධිමත් සිදුකළ බවද එහි දැක්වේ.

2015 වර්ෂයේ රුපියල් බිලියන 21 ක් වූ මූල්‍ය නොවන වත්කම් ප්‍රමාණය 2016 වර්ෂය වන විට රුපියල් බිලියන 346 ක් ලෙස ද වාර්තා වී ඇතැයි පැවසේ.

මේ අනුව ඉදිරි වසර 02 තුළ මධ්‍යම රජය සතු මෙතෙක් වාර්තා නොවූ සියලුම මූල්‍ය නොවන වත්කම් වාර්තා කර ජනරජයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය ශක්තිමත් කිරීමට ක්‍රියාකාරී වැඩපිළිවෙලක් මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් පවතින බවද වාර්තා වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ප්‍රවෘත්ති නිවේදනයයි.

ජනරජයේ 2017 මූල්‍ය තත්ත්ව වාර්තාව එළිදැක්වේ.
වාර්තා වූ මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම රු. බිලියන 814 කි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වාර්ෂික විසර්ජන පනත මගින් මධ්‍යම රජයේ ආයතනවලට මෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට ලබාදෙන අයවැය ප්‍රතිපාදනවලට අදාළ වියදම් ඇතුළත් කර සකස් කර ඇති ජනරජයේ මූල්‍ය ප්‍රකාශන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2017 වාර්ෂික වාර්තාවේ එළි දක්වා ඇත.

2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ සහ අනෙකුත් ව්‍යවස්ථාපිත විධිවිධානවලට අනුව ජනරජයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කෙරෙන අතර රජයේ බදු හා බදු නොවන ආදායම, පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම්, වාර්ෂික අයවැය හිඟය හා එම අයවැය හිඟය දේශීය හා විදේශීය ණය මූලාශ්‍රවලින් මූල්‍යයනය කළ ආකාරය දැක්වෙන මූල්‍ය කාර්යසාධන වාර්තාවක් මෙම වාර්තාවට අන්තර්ගත වේ.

තවද, මූල්‍ය ගනුදෙනුවලින් පැනනගින වත්කම් හා වගකීම් නිරූපණය කරමින් වර්ෂය අවසාන දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ද, වර්ෂය තුළ ජනරජයේ අරමුදල් ගලාඒම හා ගලායාම ඇතුළත් මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශයක් ද අන්තර්ගත වේ.

මෙම ජනරජයේ මූල්‍ය ප්‍රකාශන විගණනයෙන් පසු විගණකාධිපති වාර්තාව ද සමඟ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මැයි 31 දින ප්‍රසිද්ධ කරන ලදී. (www.treasury.gov.lk)

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149, 150 වගන්ති සහ 2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත මෙන්ම මුදල් රෙගුලාසි අංක 430 හි සඳහන් විධිවිධාන ද සැළකිල්ලට ගනු ලැබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 වගන්තිය අනුව, වි‍ශේෂ අරමුණක් සඳහා ස්ථාපිත කළ අරමුදලකට ලැබෙන ලැබීම් හැර ශ්‍රී ලංකා ජනරජයට ලැබෙන සියලුම ලැබීම් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු ය. ඒ අනුව, ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීමේදී ඒ සඳහා විසර්ජන පනත මගින් හෝ විශේෂ නීති සේවා යටතේ අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු ය.

2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 13 වන වගන්තිය මගින් ජනරජය විසින් සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම අවසාන අයවැය තත්ත්ව වාර්තාවක් මුදල් වර්ෂය අවසන් වී මාස පහක් ගතවීමට පෙර ප්‍රසිද්ධියට පත් කළ යුතු බවට ඇති විධිවිධාන පරිදි මෙම ප්‍රකාශනය 2018 මැයි මස 31 වන දින නිකුත් කරන ලදී.

මුදල් රෙගුලාසි අංක 430 අනුව භාණ්ඩාගාරය මගින් මුදල් වර්ෂය අවසාන වන විට භාණ්ඩාගාර පොත්වලින් අනාවරණය වන වත්කම් හා බැරකම් ප්‍රකාශයක් පළ කළ යුතු බවද දක්වා ඇත.

2005 වර්ෂයේ සිට රාජ්‍ය ණය බැරකම හා මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරීමට අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් 2016 වර්ෂයේදී විගණකාධිපති විසින් එකඟතාවයක් නොදක්වන ලද අතර ඒ හේතුවෙන් විද්වත් කමිටුවක් හරහා ලබාගත් නිර්දේශ අනුව 2017 වර්ෂයේ ජනරජයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ප්‍රසිද්ධ කර ඇත.

2017 වර්ෂයේ මූල්‍ය නොවන වත්කම් හා රාජ්‍ය ණය බැරකම වාර්තා කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ ගිණුම් ක්‍රමවේදය සම්බන්ධයෙන් විගණකාධිපති විසින් එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව, 2017 වර්ෂයේ පිළියෙල කරන ලද ජනරජයේ මුල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණකාධිපති විසින් පළ කර ඇති විගණන මතය පහත දැක්වේ.

“තත්ත්වාගණනය කළ මතය - 
මෙම වාර්තාවේ තත්ත්වාගණනය කළ මතය සඳහා පදනම යටතේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.”

2015 වර්ෂයේ සිට මධ්‍යම රජය සතු මූල්‍ය නොවන වත්කම් හඳුනාගැනීම, තක්සේරු කිරීම හා ගිණුම්ගත කිරීම සම්බන්ධ ක්‍රමවේදය නව සිගාස් (New CIGAS) වැඩසටහන හරහා විධිමත් කිරීමට අනුව මේ වනවිට රජය සතු සියළු වත්කම්වල වටිනාකම රු. බිලියන 814 ක් ලෙස වාර්තාවේ.

2015 වර්ෂයේ රුපියල් බිලියන 21 ක් වූ මූල්‍ය නොවන වත්කම් ප්‍රමාණය 2016 වර්ෂය වන විට රුපියල් බිලියන 346 ක් ලෙස ද වාර්තා වී තිබිණි.

මේ අනුව ඉදිරි වසර 02 තුළ මධ්‍යම රජය සතු මෙතෙක් වාර්තා නොවූ සියලුම මූල්‍ය නොවන වත්කම් වාර්තා කර ජනරජයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය ශක්තිමත් කිරීමට ක්‍රියාකාරී වැඩපිළිවෙලක් මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් පවතී.

ඉදිරි වසර 10 තුළදී රාජ්‍ය අංශයේ දැනට අනුගමනය කරනු ලබන වැඩිදියුණු කළ මුදල් පදනම යටතේ (Modified Cash Basis) වූ ගිණුම් ක්‍රමවේදය උපචිත පදනම (Accrual Basis) යටතේ වන ගිණුම් ක්‍රමවේදයට පරිවර්තනය කරමින් රාජ්‍ය මූල්‍ය තොරතුරුවල වගවීම (Accountability) හා විනිවිදභාවය (Transparency) තවදුරටත් තහවුරු කරමින් සියලු මූල්‍ය තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා 2018 අයවැය කථාව මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කර ඇති අතර මේ සම්බන්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම්. අලි හසන්
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා රජයේ සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි.
ශ්‍රී ලංකා රජයේ සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHQPSvBZ-SFPbjgFGm0OifJo_MNWtW_sRYTv75C2dbK6WKw_xCG-WjeOxYQOEfi4Ccd0-U3EkSfPMjuDIZLv6_zMX6iZQapR6iG8dMhJEYJ07s9bzddAFFKwwGpVwN5zsmG4HqJFkxhiU/s1600/SriLankaFlagPicture5.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHQPSvBZ-SFPbjgFGm0OifJo_MNWtW_sRYTv75C2dbK6WKw_xCG-WjeOxYQOEfi4Ccd0-U3EkSfPMjuDIZLv6_zMX6iZQapR6iG8dMhJEYJ07s9bzddAFFKwwGpVwN5zsmG4HqJFkxhiU/s72-c/SriLankaFlagPicture5.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/814.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/814.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy