පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වන සුජීව සේනසිංහ මහතා වෙත අවස්ථා තුනකදී මැතිවරණ ...
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වන සුජීව සේනසිංහ මහතා වෙත අවස්ථා තුනකදී මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 3 ක චෙක්පත් තුනක් ලබා දී ඇතැයි නිතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු සදහන් කරනු ලැබීය.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයවලූන් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සැකකරුවන් ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමටද අධිකරණය නියෝග කළේය.
COMMENTS