දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 දී නව ව්‍යාවසායකයන් ලක්ෂයක් : මංගලගේ අලුත් ම එක.
Homeගොසිප්

2020 දී නව ව්‍යාවසායකයන් ලක්ෂයක් : මංගලගේ අලුත් ම එක.

PropellerAds

2020 වසර වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ ක...

ඇඹිලකන්ද විවේක සේනාසනයේ ලොකු හාමුදුරුවෝ සාමණේර පස් නමක් අපයෝජනය කරලා
දිවි නැඟුම නම එපා සමෘද්ධි කියමු යයි එස්.බී.ගේ යෝජනාවට අනුමැතිය
2013 අමල් පෙරේරා සොරකම් කළැයි කී සුදු කැස්බෑවාගේ සැබෑ සොරා හසුවේ


2020 වසර වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. 

ඒ සඳහා ණය යෝජනා ක්‍රම 16කින් සමන්විත ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සූදානම් කර ඇති බව හෙතෙම සඳහන් කරයි. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා අද (08) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

2018 අයවැය ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා, නීල හරිත ආර්ථිකයක් යන තේමාව යටතේයි.  බඩගින්නේ සිටින්නකුට මත්සයකු ලබා දෙනවාට වඩා මසුන් අල්ලා ගැනීමට බිලී පිත්තක් ලබා දීම වටිනා බව කන්ෆියුසියස් කියමනක සඳහන් වෙයි. එ බැවින් රටේ ඓතිහාසික අභිමානයට පණ දෙමින් එදා අපේ මුතුන්මිත්තන්ගේ ව්‍යවසායකත්ව හැකියාව වර්තමානයට රැගෙන ඒමට අපි සූදානම්. අපි සැබැවින් ම කෘෂිකර්මාන්තය පදනම් වූ රටකටත් වඩා අපේ හැකියාවන් තිබී ඇත්තේ ව්‍යසායකන් හැටියට ය. නැගෙනහිර අප්‍රිකාව සහ චීනය අතර, මැද පෙරදිග අරාබිය සහ චීනය අතර, යුරෝපය සහ චීනය අතර තිබුණ ප්‍රධානතම වෙළෙඳ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවයි. චීන, රෝම, ඊජිප්තු සහ පර්සියන් කාසි වර්ග ශ්‍රී ලංකාවෙන් හමුවෙයි. මේවා පුරාණ ලෝකයේ තිබුණ ප්‍රධානතම බලවේග ලංකාව සමග ගනුදෙනු කළ බව සඳහන් කිරීමට ඇති කදිම නිදර්ශන ය. යුරෝපය නොදියුණු තත්ත්වයක තිබිය දී අපි චීනය, රෝමය සමග තානාපති සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි ඇත. අපේ ජානවල ඇති එම හැකියාවන් පණ ගැන් විය යුතු ය. නිදහසෙන් පසු අපි සිටියේ දියුනු විය හැකි රටක් ලෙස ය. අපි නිදහස ගත් දා ලන්ඩන් ටයිම්ස් පුවත්පත කීවේ ශ්‍රී ලංකාව ආසියාවේ ස්වීට්සර්ලන්තය බවට පත් වන බවයි. එහෙත් අපි බෙදී වෙන් විණි. ලෝකයෙන් කොන් විය. යම් ආර්ථික වර්ධනයක් තිබුණ ද අදත් අපි අපේ කලාපයේ පවා පිටුපසින් සිටිමු. එබැවින් අපි අයවැයේ දී ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පරාදීසයක් කරන බව කීවේ මේ අතීත හැකියාවන් හේතුවෙනි.

ව්‍යවසායකත්ව සංවර්ධනයට සමාන අවස්ථා 

මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා සියලු ම ශ්‍රී ලංකිකයන්ට ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනේ කොටස්කරුවන් වීමට  අප අවස්ථාව ලබා දිය යුතු ය. ඒ සඳහා සාධාරණ හා සමාන අවස්ථාවක් ලබා දීමේ පරිසරයක් ඇති කළ යුතු ය. ඒ ව්‍යවසායකත්වය සඳහා ඇති ව්‍යාපෘති වාර්තාවට අපි අවස්ථාව ලබා දිය යුතු ය. නමුත් අද ඇත්තේ බැංකුවකට පිළිගත හැකි ඇපකරුවන් නොමැති නම් ව්‍යවසායකන්ව හරවා යැවීමයි. 

අපේ රටේ අධ්‍යාපනය ක්‍රමය තුළ විශාල අඩුපාඩු පවතී. විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ 25,000 තරම් සුළු පිරිසකි. තවත් පිරිසක් පෞද්ගලික අධ්‍යාපනය ලබති. විදේශ ගත කරවති. නමුත් දක්ශ හැකියාවන් සහිත 150000ක් පමණ රැකියාවක් නොමැතිව අපේක්ෂාභංගත්වයෙන් කාලය ගත කරති. අන්තවාදී දේශපාලනය, මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී කටයුතු වෙත යොමු වන්නේ මෙම පිරිස ය. රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දිය හැකි පිරිසක් මෙසේ අතරමං වෙති. බොහෝ පිරිසක් විශ්ව විද්‍යාල දොරටුව අසලට විත් ආපසු හැරෙන්නේ ඔවුන්ගේ වරද නිසා නොව අපට අවශ්‍ය තරම් විශ්ව විද්‍යාල පහසුකම් ලබා දීමට නොහැකි වීම නිසා ය. එසේ ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීමට කටයුතු අපි සිදු කළ යුතුය. මේ වන විට 3%ක පමණ මට්ටමේ ඇති එම ප්‍රතිශතය 2020 වන විට එම මට්ටම කරා ළගා කරවීම අපගේ අරමුණයි. එසේ ම වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය අපි හඳුන්වා දීමට සූදානමින් සිටින්නෙමු.

සහන ණය ක්‍රම 16ක් : මිලියන 5210ක් 

විශ්වවිද්‍යාලයට ගිය අය පමණක් නොව, උසස් පෙළ සමත්, සාමාන්‍ය පෙළ සමත් අය අතරින් ව්‍යවසායකත්ව හැකියාවන් ඇති අය හඳුනා ගැනීම අපේ යුතුකමකි. විශ්ව විද්‍යාලය ප්‍රවේශය නොලැබූ බැවින් අපේක්ෂාභංගත්වයට පත් වීමට ඉඩ නොදී රටේ සංවර්ධනය ක්‍රියාවලියට ඔවුන් ද දායක කරවා ගත හැකි ක්‍රමවේදයක් අප සකස් කළ යුතු ය. මේ ව්‍යාවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන ඒ වෙනුවෙනි.

මෙම මස 21 වැනි දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ආරම්භ කෙරේ. මේ යටතේ ණය යෝජනා ක්‍රම 16ක් ආරම්භ කෙරේ. දැනට බැංකු මගින් ක්‍රියාත්මක සියයකට අධික ණය යෝජනා ක්‍රම නව්‍යකරණයකට යටත් කෙරේ. මේ වන විටත් මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5250ක් වෙයි.

අපි බැංකු නිලධාරීන් වන ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ නව ව්‍යාවසායකන්ට විශේෂ තැනක් ලබා දෙන ලෙසයි. කිසියම් පුද්ගලයකු බැංකුවක් වෙන පැමිණි විට සලකා බලන්නේ බැංකුවේ ගනුදෙනුකරුවකු ද? ගිණුමක් තිබේ ද යන්නයි. මේ පැමිණෙන නව ව්‍යාවසායකන් ඇතැම් විට බැංකුවට පැමිණ පළ පුරුද්දක් ඇති අය නොවන්නට පුළුවන. එසේ කෙනෙකු නොලසකා හැරියොත් ඔවුන් අපේක්ෂාභංගත්වයෙන් ආපසු හැරී යාමට ඉඩ තිබේ. එබැවින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනේ කවුළුවක් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රදේශීය සංවර්ධන යන බැංකුවල සෑම ශාඛාවකම ස්ථාපනය කළ යුතු ය.  එහි කටයුතු සඳහා මේ ණය යෝජනා සඳහා දැනුමක් ඇති පිරිසක් යෙදිය යුතු ය.

අපේ ඉලක්කය වන්නේ මීළග වසර දෙක තුළ නගරයෙන් පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකින් ම නව ව්‍යාවසායකන් ලක්ෂයක්වත් මේ රට තුළ ඇති කිරීමයි.

කාන්තා පිරිමි කාටත් සමාන අවස්ථා 

කාන්තා ව්‍යවසායකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. කාන්තාවන්ට ස්වයං රැකියා සඳහා බොහෝ විට ලබා දෙන්නේ මහන මැෂින් ය.  එහෙත් කාන්තාවන් යනු පිරිමින් හා සමානව ව්‍යාවසායක හැකියවක් ඇති පිරිසකි. සැබැවින් ම කාන්තාවෝ පිරිමින්ටත් වඩා වගකීමෙන් සිය කටයුතු ඉටු කරති. හැකි සෑම අවස්ථාවක ම මම ආයතනවල සභාපති ධුර සඳහා ද නම් කළේ කාන්තාවන් ය. ශ්‍රී ලංකා රේගුව, සුරා බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට සහ මාධ්‍ය අමාත්‍යාංශයේ ඇති ආයතන තුනකට කාන්තාවන් පත් කර ඇත.

දහ දෙනකුට වඩා වැඩි පිරිසක් ආරම්භ කරන ව්‍යාපාරයක් නම්, ඉන් 50%ක්වත් කාන්තා නියෝජනයක් ඇත්නම් දැනට ලබා දෙන පොලී සහනාධාරයට තවත් 10%ක් එකතු එකතු කෙරේ. ආබාධිතයන් වෙනුවෙන් ද යටතී 10% පොලී සහනාධාරය ලැබේ. මේ තුළින් අපේ ආර්ථිකය කෙටි කාලයක් තුළ විශාල වෙනසක් ඇති කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සරලව කිවහොත් අද මෙහි සිටින සියලු දෙනා ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන ජනතාව අතරට රැගෙන යන පෙරගමන්කරුවන් යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ව්‍යාවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් බැංකු නියෝජිතයෝ සහභාගී වූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 දී නව ව්‍යාවසායකයන් ලක්ෂයක් : මංගලගේ අලුත් ම එක.
2020 දී නව ව්‍යාවසායකයන් ලක්ෂයක් : මංගලගේ අලුත් ම එක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_b-rFy2gKeXkD5PMfvOlYe0YbLjUPas0uCFWFpCRB0O1SJyIbRq2cNRLlQoVLSZdqF1IiSs7pd32NehExdQeCms_zSzxgRECN5x4c0YFg6c7G2x8nwOdANoUA_qmGlr8ZI_s-_sfT0yk/s1600/mangala_2025.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_b-rFy2gKeXkD5PMfvOlYe0YbLjUPas0uCFWFpCRB0O1SJyIbRq2cNRLlQoVLSZdqF1IiSs7pd32NehExdQeCms_zSzxgRECN5x4c0YFg6c7G2x8nwOdANoUA_qmGlr8ZI_s-_sfT0yk/s72-c/mangala_2025.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/2020.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/2020.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy