රුපියල් 1,600කට අලෙවි කළ යුතු මිශ්‍ර පොහොර මිටියක් රුපියල් 3,700කට අලෙවි කරන මහා ජාවාරමක් ගැන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි. මි...
රුපියල් 1,600කට අලෙවි කළ යුතු මිශ්‍ර පොහොර මිටියක් රුපියල් 3,700කට අලෙවි කරන මහා ජාවාරමක් ගැන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි.
මිශ්‍ර පොහොර සකසන්නේ යූරියා සහ තවත් පොහොර වර්ග තුනක් මිශ්‍ර කිරීම හරහා බව එම සම්මේලනයේ ජාතික සංවිධායක ජවිපෙ පළාත් සභා මන්ත්‍රි නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඒ අනුව එම පොහොර වර්ග තුන කිලෝග්‍රෑම් 50කින් යුතු මිටියක පාලන මිල රුපියල් 1,500ක් වන අතර මිශ්‍ර පොහොර සැකසීමේදී පිරිවැයත් සමඟ එම පොහොර මිටියක මිල රුපියල් 1,600ක් පමණ වන බව වාර්තා වේ.
එවැනි මිලකට අලෙවි කළ හැකි පොහොර මිටියක් රුපියල් 3,700ක් වැනි මිලකට අලෙවි කරමින් වෙළෙඳුන් අති විශාල පොහොර ජාවාරමක නිරත වන බවත් වී ගොවියා හැර අනෙක් සියලු වගාවන්වලට භාවිත කරන්නේ මිශ්‍ර පොහොර බවත් එම ගොවීන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.
COMMENTS