ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක ප්‍රකාශ කළේය. ඒ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඇතමුන...
ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක ප්‍රකාශ කළේය.
ඒ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඇතමුන් ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් ඇති බවට නගන චෝදනා පදනම් විරහිත බව ඔහු ප්‍රකාශ කළේය.
ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනාගේ කණ්ඩායම දෙපැත්තට කකුල් දමමින් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් පැහැදිළි ස්ථාවරත්වයක් නොමැති බව එහිදී සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“16 දෙනෙක් අපේ විපක්ෂයේ ඇවිල්ලා ඉඳගත්තා. නමුත් එක කකුලක් ඒ පැත්තේ තියාගෙන තව කකුලක් මේ පැත්තේ තියාගෙන කටයුතු කිරීමේදී කුමක් අරභයා, කුමක් නිසා කටයුතු කරන්නේද කියන එක සමහර වෙලාවට කුකුසක්, සැකයක් අපේ අය අතර තියෙන්න ඇති. ඒක තමයි ඊයේ දවසේ වුණ සිද්ධිය. මේක දැන් හංගලා කතා කරන්න ඕනේ නැහැනේ. ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් නැහැ. විරෝධයක් පළ කිරීමක් සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. අවශ්‍යතාවය තියෙන්නේ මැතිවරණයක් නැත්තම් ඔළුගෙඩි වලින් සංයුතිය වෙනස් කරමින් ඒ තියෙන ක්‍රෑර පාලනය අයින් කර ගැනීම සඳහා යකත් එක්ක හරි යන්න ඕනේ තැනණේ අපි හිත හදාගෙන ඉන්නේ.”
හිස්ව පැවැති නියෝජ්‍ය කතානායක ධුරයට අයෙකු පත් කර ගැනීම සඳහා පෙරේදා පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයක් පැවැති අතර මේ සඳහා තරඟ කළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඡන්ද 53 ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97 ක් ලබා ගෙන නියෝජ්‍ය කතානායක ලෙස තේරීපත්විය.
COMMENTS