2018 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද රථවාහනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 150.0 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2017 වසරේ මාර්තු ...
2018 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද රථවාහනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 150.0 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2017 වසරේ මාර්තු මාසයේ දී දරනු ලැබූ ඩොලර් මිලියන 74.5 ක රථවාහන ආනයන වියදම හා සැසඳීමේ දී 101.3% ක ඉහළ යාමකි.
මේ අතර 2018 ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී රථවාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 358.8 ක් ලෙසින් වාර්තා වන අතර 2017 මුල් කාර්තුවේ දී එම අගය ඩොලර් මිලියන 191.9 ක් ලෙසින් සටහන් වේ. මෙය 87% ක වැඩි වීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2018 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ ගැන සඳහන් වේ.
COMMENTS