.ලෝකයේ ඕනෑම ආණ්ඩුවකට සහ රාජ්‍ය නායකයාට හොඳ ප්‍රකාශකයෙක් සිටියි ඔවුන් සුරක්ෂිත බව ලෝකයේ බොහෝ රටවල් දෙස බැලීමෙන් පැහැදිලි වේ. අසාර්ථක ප්‍රක...
.ලෝකයේ ඕනෑම ආණ්ඩුවකට සහ රාජ්‍ය නායකයාට හොඳ ප්‍රකාශකයෙක් සිටියි ඔවුන් සුරක්ෂිත බව ලෝකයේ බොහෝ රටවල් දෙස බැලීමෙන් පැහැදිලි වේ. අසාර්ථක ප්‍රකාශකයන් නිසා අසාර්ථක වූ රාජ්‍යයන් ද ලෝකයේ තිබේ.
මේ සඳහා හොඳ උදාහරණයක් වන්නේ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. එහි ප්‍රකාශකයා වූයේ විපක්ෂය, ජනතාව, සිවිල් සමාජය, අන්තර්ජාතික ප්‍රජාව සහ වාර්ගික කණ්ඩායම් යනාදී සියලුම දෙනා අමනාප කර ගන්නා අශෝභන ප්‍රකාශකයෙකු වූ කෙහෙලිය රඹුක්වැල්ල ය.
වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භයේ පටන් සහෝදරයන් මෙන් කටයුතු කරන නමුත් පාලන තන්ත්‍රය නොනැසී ඉදිරියට ඇදී යන්නේ ඉතා හොඳ ප්‍රකාශකයෙකු වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හේතුවෙනි. ඔහු සෑම දෙයක්ම රාජ්‍ය තාන්ත්‍රික අන්දමින් පමණක් නොව සත්‍යවාදී සහ යථාර්ථවාදී ලෙස ද ග්‍රහණය කර ගත හැකි අයෙකි.
මේ සඳහා උදාහරණ ගණනාවක් ඇත. 2018 මැයි 16 වැනිදා සිදුකළ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට සත්‍යය, යුක්තිය සහ යථාර්ථය සමග පිළිතුරු දුන්නේය. එහිදී ඇතැම් මාධ්‍යවේදීන් අතිශය අන්තවාදී ලෙස, අතිශය පක්ෂග්‍රාහී ලෙස සහ නින්දාශීලී ලෙස ප්‍රශ්න නැගුවද ඔහු සිය රාජකාරිය ඉටු කළේය.
රාජිත සේනාරත්න මහතා ඔවුන්ගේ ගැටළුවලට පිළිතුරු දුන් ආකාරය සිවිල් සමාජය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ද මහත් සේ අගය කළේය. රාජිත සේනාරත්නලා තව කී දෙනෙක් ලංකාවේ සිටින්නේදැයි ඔවුහු ප්‍රශ්න කළහ. ඔහු පෙර කී මාධ්‍ය සාකච්ඡාවේදී ලබාදුන් පිළිතුරු සෘජු සහ සත්‍යවාදී ඒවා පමණක් නොව, අතිශය ධෛර්යමත් කරවනසුලු ද වේ.
එල්ටීටීඊ ය ත්‍රස්තවාදී සංවිධානයක් යැයි එක් මාධ්‍යවේදියෙක් පැවසූ විට අමාත්‍ය රාජිත සේනාරත්නගේ පිළිතුර වූයේ ‘‘ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදී සංවිධානයක් වූ බව‘‘ ය.
අනතුරුව රාජිත සේනාරත්න මහතාට සිදුවූයේ මාධ්‍යවේදීන් හට ඒ පිළිබඳ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරන්නට ය. ‘‘71 සහ 88-89 කාලයේ මිය ගිය හැම කෙනෙක්ම ජ.වි.පෙ. සාමාජිකයන් කියල ඔබට කියන්න පුළුවන්ද?“ යැයි ඔහු පෙරළා ප්‍රශ්න කළේය.
‘‘ප්‍රභාකරන්ගෙ හැසිරීම විජේවීරගෙ හැසිරීමෙන් වෙනස් වුණේ නැහැ. මට පෙන්නල දෙනවද මොකක්ද ඒ දෙකේ වෙනස කියලා?“ රාජිත සේනාරත්න මහතා මාධ්‍යවේදීන්ගෙන් පෙරළා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකාවේ සිංහල, දමිල, මුස්ලිම් සහ බර්ගර් ජාතිකයන් යන සියලු දෙනාම සාමයෙන් හා සමගියෙන් ජීවත් විය යුතුය. ශ්‍රී ලංකාවට තව තවත් රාජිත සේනාරත්නලා අවශ්‍ය කර තිබේ. 2020 ජනාධිපති මෙන්ම 2020 පාර්ලිමේන්තුව ද රාජිත සේනාරත්නලා වැඩි වැඩියෙන් බිහි කරනු ඇතිද?
- මධ්‍යස්ථ දමිල ක්‍රියාකාරිකයෙකු ලියූ සටහනක සිංහල පරිවර්තනයයි.
ඉංග්‍රීසි ලිපිය : Rajitha teaches what equality is!
COMMENTS