දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

පෙ රේදා (21) පැවති කැබිනට් රැස්වීමේදී මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෙසු ඇමතිවරුන් කතාබහක නියැළී ස...

පෙරේදා (21) පැවති කැබිනට් රැස්වීමේදී මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෙසු ඇමතිවරුන් කතාබහක නියැළී සිටියදී සාගල රත්නායක මහතා වෙනත් කටයුත්තක් සඳහා එතැනින් ඉවත්ව යාමට සූදානම් වෙද්දී ජනාධිපතිවරයා ඔහුව වළක්වා තිබුණේ “නෑ සාගල. ඔයා පොඩ්ඩක් ඉන්න. මේක ඔයාත් දැනගන්න ඕනෙ කතාවක්” යැයි කියමිනි.

සාගල රත්නායක මහතා නැවත අසුන් ගනිද්දී අනෙකුත් අමාත්‍යවරුන් මුහුණින් මුහුණ බලන්නට වූයේ ජනාධිපතිවරයා කියන්නට යන්නේ කුමක් ගැනදැයි සිතාගත නොහැකි වූ නිසාය.

“අර විහාරමහා දේවි එක ගාව පාර වහගෙන ඉඳලා මිනිස්සු හෝන් ගහපු එක ගැනයි මම මේ කියන්න ගත්තේ” කියමින් ජනාධිපතිවරයා සිද්ධිය විස්තර කරද්දී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ඊට පිළිතුරු දෙමින් පවසා තිබුණේ “අපි හිතුවෙත් ඔබතුමා එනකල් වෙන්න ඇති පාර වහගෙන ඉන්න ඇත්තේ කියලා. මිනිස්සු ඔබතුමාට තමයි බැන්නේ” යනුවෙනි.

ජනාධිපතිවරයා තරමක් බැරෑරුම් අන්දමින් එහිදී පවසා තිබුණේ “මේ දවස්වල ඉතිං හැම එකටම මමනෙ අහුවෙන්නෙ. හැමෝම මට තමයි බනින්නෙ. ඒකනෙ තියෙන ලේසිම වැඩේ.” යනුවෙනි.

එම පිළිතුරෙන් අන්දමන්ද වූ ඇමතිවරුන් “ඔබතුමා නෙවෙයි නම් එහෙම පාරවල් වහන් යන්න තරම් මේකෙ ඉන්න හයිරංකාරයා කවුද ?” යනුවෙන් විමසා තිබුණු අතර ජනාධිපතිවරයා පිළිතුරු දී තිබුණේ “නෑ, මේ මගේ රාජ්‍ය ඇමතිතුමා තමයි ඉතිං. මාත් හොයාලා බලපුවාම තමයි දැනගන්න ලැබුණේ” ලෙසය.

ඒ අනුව මාර්ග වසාගෙන ජනතාව අපහසුතාවට පත් කරමින් ගමන් කර ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනය !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සියල්ල අසාගෙන කිසිත් නොකියා බිම බලාගෙන සිටි බවත් ආරංචිය.

ඇමති රුවන්ගේ රථගාය පිළිබඳ අප ප්‍රශ්න කළේ පසුගිය 15 වනදා ඔහු සිදුකළ මිනුවන්ගොඩ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුවය. එදා ගමන්ගත් සම්පූර්ණ ආරක්ෂක රථ පෙරහැරම තමන්ට අයත් ඒවා නොවන බවත් තමන්ට ලැබී ඇත්තේ පසුගමන් රථ දෙකක් පමණක් බවත් සඳහන් කරමින් රුවන් විජේවර්ධන මහතා 17 වනදා ඊට ප්‍රතිචාර දක්වා තිබුණු අතර අපි එම සම්පූර්ණ ලිපිය ද පළ කළෙමු.

එහෙත් යළි 20 වනදා වනවිට රුවන් විජේවර්ධන මහතා රථ පෙළපාලි වෙනුවට කාර්යබහුල මංසන්ධියක්ම අවහිර කරවා තබාගෙන ජනතාව රස්තියාදු කරවමින් පීඩාවට පත්කර ඇති බව කියන්නේ රටේ ඉහළම බලධාරියා වන ජනාධිපතිවරයාය.

පිළිතුරු දීම නොදීම කෙසේවෙතත් අප මීට පෙර වතාවේදීත් සඳහන් කළ පරිදි මෙවන් වැඩ වලින් සිදුවන්නේ ආණ්ඩුව තව තවත් ජනතාව අතර අප්‍රසාදයට, පිළිකුලට ලක්වීම බව ඇමතිවරයා තේරුම් ගන්නේ නම් එය ආණ්ඩුවට හොඳය.

lankanewsweb

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති
“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEintjuj8-yzlbZf16-ZUaHc5NLIofgakpwhJGfxVvBAMIBD5_mdXwW6I1jJdP8yjYriIiGDOcFCswaghCjoO_brrVBu1M4kTGZ03LSfY-XbYlNX1MrE2dkOwXMh0W15S7Uu66p5W_wQAwBv/s320/ruwan-maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEintjuj8-yzlbZf16-ZUaHc5NLIofgakpwhJGfxVvBAMIBD5_mdXwW6I1jJdP8yjYriIiGDOcFCswaghCjoO_brrVBu1M4kTGZ03LSfY-XbYlNX1MrE2dkOwXMh0W15S7Uu66p5W_wQAwBv/s72-c/ruwan-maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_942.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_942.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy