දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජවිපෙ විශ්වාසභංගය ලෝක ඉතිහාසයට එක්වෙයි.. කොන්ත්‍රාත්තුව රනිල්ගෙන්ද? ඊබ්‍රාහිම්ගෙන්ද?

ඒ කාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. රිෂාඩ් බදියුඩීන්...

කාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාට එරෙහිව සාක්ෂි සහිත චෝදනා 10ක් අඩංගු විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නා. එජාප මන්ත්‍රි හේෂා විතාරණ කිව්වේ මේ චෝදනා ඔප්පු වුණොත් තමන් සහය දෙන්න සූදානම් කියලා. ඔන්න දැන් පළමු චෝදනාව සත්‍යයක් බව යුද හමුදාපතිවරයාම සනාථ කර තිබෙනවා. එතුමා අපේ කෙනෙක් නෙමෙයි.
මේ ආණ්ඩුව විසින් පත්කල යුද හමුදාපතිවරයා. එතැනදී රිෂාඩ් ඇමතිවරයා මොකක්ද කියන්නේ. මම අදුරන කෙනාගෙ පුතාව අරගෙන ගිහින් තිබුණා. පොලීසියෙනුත් නෙවෙයි අරං ගිහින් තියෙන්නේ. ඒ නිසා එහෙම කෙනෙක් ඉන්නවාද කියලා අහන්නයි යුද හමුදාපතිතුමන්ට කතාකලේ කියලා. මොකක්ද හමුදාපතිතුමන්ගේ උත්තරය. මට හදිසි නීතිය යටතේ පුද්ගලයෙක් වසර එක හමාරක් රදවා තියාගන්න පුළුවන්. ඒ නිසා අවුරුදු එක හමාරකින් කතා කරන්න. අදාල පුද්ගයා ඉන්නවද කියලා ඇහුව නම් ඉන්නව කියන්න වසර එක හමාරක් ඉල්ලනව ද? නෑ. ඉන්න පුද්ගලයා නිදහස් කරන්න කියලා බලපෑම් කල නිසා තමයි හමුදාපතිවරයා කියන්නේ මට වසර එක හමාරක් තියාගන්න පුළුවන් ඒ නිසා තව වසර එක හමාරකින් කතා කරන්න කියලා. යුධ හමුදාපතිතුමන් දෙන උත්තරය තුලම රිෂාඩ් ඇමතිවරයා ත්‍රස්ථවාදී සැක කරුවෙකු නිදහස් කරගන්න එතුමන්ට බලපෑම් කරපු බව ඉතාම පැහැදිලි. එවැනි කාරණයක් රට ඉදිරියේ හෙළි කිරීමට තරම් පෞරුෂත්වයක් තිබීම ගැන අපි අපේ යුද හමුදාපතිවරයා ගැන ආඩම්බර වෙනවා. රිෂාඩ් ඇමතිවරයා පිළිබඳ සමාජයේ මතු වී ඇති කෝපය නිසා පක්ෂයට වඩා ඉදිරියෙන් රට තියලා මේ විශ්වාස භංග යෝජනාවට සහය දෙන්න එජාප සහ දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන් රාශියක් ඉදිරිපත් වුණා. මේ යෝජනාව ජයග්‍රහණය කරන ලකුණු හතර වටින් මතු වෙන්න ගත්තා.

යෝජනාව සම්මත වෙන බව දැක්කාම වඩාත් කලබල වුණේ ජවිපෙ. එක පැත්තකින් තමන්ගේ බරපැන දරණ රනිල් හාමුගේ ආණ්ඩුව රකින්න ඕනෑ. අනිත් පැත්තෙන් තමන්ගේ බරපැන දරණ තවත් කෙනේක වෙන ඊබ්‍රහිම්ගේ හිතවතා වන රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා රකින්න ඕනෑ. ඒ නිසා එජාප ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. මේක තමයි ලෝක ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුවක් රැක ගන්න ගෙනාපු විශ්වාස භංග යෝජනාව. අපි අපේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ කිව්වා, මේක දින්නත් දිනුම්. පැරදුනත් දිනුම්. දින්නොත් මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ ඇමතිවරයාට බලය අහිමි වෙනවා. පැරදුනොත් ඉස්ලාම් අන්තවාදින් රකින මන්ත්‍රිවරුන් කවුදැයි රට ඉදිරියේ හෙලි වෙනවා.

ජවිපෙ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරන විධිය දැන් ජවිපෙ අපට කියන්න ඕනෑ. ජවිපෙට එහෙම සැලැස්මක් නෑ. ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවාම එජාපය වගේම දෙමළ සංධානයත් එජාප ආණ්ඩුව රකින්න ඡන්දය දෙන බව අපි 2018 අප්‍රේල් වගේම නොවැම්බර් මාසයේත් දැක්කා.

එදා අපි ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ ආණ්ඩුව පෙරලලා අපේ ආණ්ඩුවක් පිහිටුවන්න. ජවිපෙ අපි ආණ්ඩුවක් හදනවාටත් විරුද්ධයි. එහෙම නම් එජාප ආණ්ඩුව පෙරලලා හදන්නේ කාගේ ආණ්ඩුවක් ද? දැන් ජවිපෙ මන්ත්‍රිවරුන් හයදෙනාට ආණ්ඩුවක් හදන්න පුළුවන් ද? ඒ නිසා ජවිපෙ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ ආණ්ඩු පෙරලන්න නොවේ ආණ්ඩුව රකින්න. ජවිපෙ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරලා ආණ්ඩුව පෙරලන හැටිත් ඊට පස්සේ ජවිපෙ අළුත් ආණ්ඩුවක් පිහිටුවන හැටිත් වහාම රටට කියන්න ඕනෑ. ආණ්ඩුව පෙරළුවට පස්සේ ජවිපෙ ආණ්ඩුවක් හදන්න 113 හදාගන්න හැටිත් රටට කියන්න ඕනෑ.ඒක කියා ගන්න බැරි නම් තමන් අද ගෙනැවිත් තියෙන්නේ මේ ආණ්ඩුව රැක ගැනීමේ ඒ වගේම රිෂාඩ් බදියුඩීන් කියන ත්‍රස්තවාදය රකින අන්තවාදියා රකින විශ්වාස භංග යෝජනාවක් කියලා පිළි අරගෙන මෙම යෝජනාව ජවිපෙ විසින් ඉවත් කර ගත යුතුයි.

ජවිපෙ ඔළුව උඩ තියාගෙන ගෙනාපු 19 වන සංශෝධනය නිසා ආණ්ඩුව පැරදුනා කියලා අඩුම ගණනේ පාරලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුනේ විශ්වාස භංග යෝජනාව සම්මත වුනත් මේ පාරලිමේන්තුව තුලින්ම තමයි අළුත් ආණ්ඩුවද සෑදිය යුත්තේ. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමන් අද හෙටම මාධ්‍ය හමුවක් පවත්වා ආණ්ඩුව පෙරළීමට ඉලක්කම් හදා ගත් හැටිත් ජවිපෙ ආණ්ඩුවට 113 හදා ගන්නා හැටිත් රටට කියාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඇයි අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ එජාප රජය සහ රිෂාඩ් අමාත්‍යවරයා රැක ගන්න කියල. රිෂාඩ් අමාත්‍යවරයා ගාව මන්ත්‍රිධූර පහක් තියෙනවා. ඒ නිසා එජාප ආණ්ඩුව රැක ගන්න රිෂාඩ්ගේ මන්ත්‍රි ධූර පහ ඕනෑ. මෙතෙක් කල් අසරණව අනේ මගේ අමාත්‍යධූරය රැක දෙන්න කියලා හැගීම්බරව කියපු රිෂාඩ් ඇමතිවරයාට ජවිපෙ විශ්වාස භංගය නිසා නව පණක් ලැබෙනවා. ඔන්න දැන් ඔහුට කේවල් කිරීමේ බලයක් ලැබිලා. දැන් රිෂාඩ් දානවා කොන්දේසියක්. අපේ සහය ආණ්ඩුවට දෙන්නේ ඔබ මාව රකිනවා නම් පමණයි. මා රැකුනොත් ඔබ රැකේවි ඔබ රැකුනොත් මා රැකේවි කියන එකානෙකා මත ලැදියාවක් ජවිපෙ විසින් රිෂාඩ් අමාත්‍යවරයාට අද ගොඩ නගා දී තිබෙනවා. ආණ්ඩුව රැක ගන්න රිෂාඩ් ඉදිරියේ දනින් වැටෙන්න මෙතෙක් සිංහයින් වගේ හිටිය එජාප මන්ත්‍රිවරුන්ට සිදු වෙනවා.

ජවිපෙට ඕනෑ දේශප්‍රේමි සහ දේශද්‍රෝහි ලෙසට පාරලිමේන්තුවේ ඇඳුණු බෙදුම් රේඛාව මකලා දාලා යළිත් මන්ත්‍රිවරුන් පක්ෂ අනුව පෙල ගස්සලා රිෂාඩ් බදියුඩීන් රැක ගන්නයි. ජවිපෙ රිෂාඩ් වෙනුවෙන් මෙතරම් පෙනි සිටින්නේ ඇයි? රිෂාඩ් සහ ජවිපෙ අතර තිබෙන නොකැඩෙන යකඩ දම්වැල තමයි මොහොමඩ් ඊබ්‍රාහිම් යූසුෆ් කියන කුප්‍රකට ව්‍යාපාරිකයා. රිෂාඩ් බේරුණොත් විතරයි ඊබ්‍රාහිම් බේරෙන්නේ. ඊබ්‍රාහිම් බේරුණොත් තමයි ජවිපෙ බේරෙන්නේ.

රිෂාඩ් රකින්න ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අමු අමුවේ උල්ලංඝනය කරයි ද?

හරි අපූරු දෙයක් පාර්ලිමේන්තුවේ සිදුවුණා. අප ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට දිනයන් නියම කිරීමට නියමිතව තිබුණා. නමුත් මන්ත්‍රි කණ්ඩායම රැස් වුනහම ආණ්ඩුවේ සභානායක කියනවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කරන්නට දැන් ඉල්ලලා තිබෙනවා. අපි ඒ තේරීම් කාරක සභාව පත් කරනවා. එම කාරක සභාවේ තොරතුරු අනුව රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා වැරදිකරුවෙක් වුනොත් අපි මේ විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගනිමු කියලා.

මේක පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කර ඇති චෝදනා සත්‍ය බවට ඔප්පු කර ඒ අනුව කෙනෙක් ඉවත් කිරීමට පාවිච්චි කරන වචනය විශ්වාස භංගය නොවෙයි. දෝෂාභියෝග යයි. ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ට එරෙහිව ගෙන එනු ලබන්නේ දෝෂාභියෝගයයි. එහිදී එම දෝෂාභියෝගය සම්මත කිරීමට කලින් එම චෝදනා වල සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරනවා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ විට අනුර යාපා මන්ත්‍රි තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා සාක්ෂි විභාගයක් සිදු කරලා ඒ අයගේ වාර්තාව මත පදනම් වෙලා තමයි ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමිය ඉවත් කළේ. නමුත් විශ්වාසභංගය කදී එහෙම නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් හිතනවනම් රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා තමන්ට විශ්වාස නැහැ කියලා එය හොඳටම ප්‍රමාණවත් ඔහුව ඉවත් කිරීමට.

ඒ නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෝෂාභියෝගය සම්බන්ධ විධිවිධාන විශ්වාසභංගය එකට අමුණා තබා රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා බේරාගැනීමේ කූට වෑයමක මේ ආණ්ඩුව අද යෙදී සිටිනවා. මොකද ආණ්ඩුව දන්නවා මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළොත් ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ ප්‍රශ්නයකට ආණ්ඩුවට මුහුණ පාන්න වන බව. මේ යෝජනාව සම්මත වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක් ඔහුගේ අන්තවාදී ක්‍රියා දාමයට එරෙහි වෙනවා. එහෙම එරෙහි වුනොත් රිෂාඩ් තමන්ට අහිමි වෙනවා. එහෙම එරෙහි නොවුනොත් ජනතාවගේ ඡන්දය ඔවුන්ට අහිමි වෙනවා. දෙකම නොවෙන්නට මේ ආණ්ඩුව මේ විශ්වාසභංගය විවාදයට නොගෙන සිටීමට උත්සාහ දරයි. ආණ්ඩුව ඒ කපටි තැනට තල්ලු වුණත් පාර්ලිමේන්තුවේ වගකිවයුතු විපක්ෂයක් විදිහට, ජනතාවගේ ජීවිත උදුර ගත්ත මේ බෝම්බ ප්‍රහාරයෙන් ලේ ඇඟ පුරාම තැවරුනු රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා බේරාගන්නට ඇවිල්ලා ඔහුගේ ඇඟේ තැවරුණු ත්‍රස්ත ප්‍රහාරයේ ලේ තමන්ගේ ඇඟේ ගා ගන්න එපා කියලා අපි එජාපයටත් ජවිපෙටත් අනතුරු අඟවනවා.

– අරවින්ද අතුකෝරල

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජවිපෙ විශ්වාසභංගය ලෝක ඉතිහාසයට එක්වෙයි.. කොන්ත්‍රාත්තුව රනිල්ගෙන්ද? ඊබ්‍රාහිම්ගෙන්ද?
ජවිපෙ විශ්වාසභංගය ලෝක ඉතිහාසයට එක්වෙයි.. කොන්ත්‍රාත්තුව රනිල්ගෙන්ද? ඊබ්‍රාහිම්ගෙන්ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTWvhvEi1mHybbZrrrmTJOmADL-uImBXTNYaPl2EjkK_D2PM6fLoSjictxhYP8tD0sngq-Xh-7z4_Xt1mlDngQDlv_4XYm39HrWmPWTXczRiuvw8p0mpo7CvcZCbQpEzYT9hgaOLsxILoG/s320/47878.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTWvhvEi1mHybbZrrrmTJOmADL-uImBXTNYaPl2EjkK_D2PM6fLoSjictxhYP8tD0sngq-Xh-7z4_Xt1mlDngQDlv_4XYm39HrWmPWTXczRiuvw8p0mpo7CvcZCbQpEzYT9hgaOLsxILoG/s72-c/47878.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_801.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_801.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy