පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ අද ආරම්භ විය. මානව හිමිකම් කොමිසම පැවසුවේ සිද්ධි...
පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ අද ආරම්භ විය.
මානව හිමිකම් කොමිසම පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි හා වින්දිතයින්ගේ සාක්ෂි ලිඛිතව හා වාචිකව ලබා ගන්නා බවය.
පරීක්ෂණයේ සාක්ෂි ලබා ගැනීම ලබන 12 වන දා දක්වා සිදු කිරීමට නියමිතය.
මෙම සිද්ධියේ දී කවර පාර්ශවයක මානව හිමිකම් උල්ලංඝණය වී ඇත්නම් ඊට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන පිළිබඳව අනාවරණය කර ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ යි.
මේ අතර අදාළ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.
COMMENTS