දමිළ ප්‍රගතිශීලි සන්ධානය මඟින් ජාත්‍යයන්තර මැයි දින රැළියට සමඟාමීව පැවැත්වූ මැයි දින රැළිය අද (07) තලවාකැලේදී සාර්ථකව පැවැත්විණි. මැයි දි...
දමිළ ප්‍රගතිශීලි සන්ධානය මඟින් ජාත්‍යයන්තර මැයි දින රැළියට සමඟාමීව පැවැත්වූ මැයි දින රැළිය අද (07) තලවාකැලේදී සාර්ථකව පැවැත්විණි.
මැයි දින පෙළපාලිය තලවාකැලේ බස්නැවතුම්පොලින් ආරම්භ වී තලවාකැලේ නගරසභා ක්‍රීඩාංගනය වෙත ගමන් කිරීමෙන් අනතුරුව මැයි දින රැළිය පැවැත්විය.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමණාකරන සහ නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එක් විය.
එමෙන්ම දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිශ්ණන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතා ඇතුළු දමිළ ප්‍රගතිශිලී සන්ධානයේ නායකයන් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් එක් විය. වතුකම්කරු ජනතාව විශාල පිරිසක් මෙම මැයි දින රැළිය සහ පෙළපාලිය සදහා එක්ව සිටියහ.
COMMENTS