ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. දේශපාලන වේදිකාවන් වල ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින...
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
දේශපාලන වේදිකාවන් වල ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් ඔවුන්ගේ දේශපාලන රැස්වීම වලදී ඔවුන් බලයට පත්වූ විට ඉරිදිරියේදී රටේ ගැටළු විසදීමට කෘතීම බුද්ධිය වැනි නවීන තාක්ෂනය භාවිතා කිරීමට සුදානම් බව පවසින් ඒ සදහා ඔවුන් සතුව එම ක්‍රියාවලීන්ට යොදාගතහැකි පරිගණක වැඩසටහන් පවතින බව සදහන් කරමින් දැවැන්ත පුළුල් තිරවල නියැදී ප්‍රදර්ශනය කිරීමක් දක්නට ලැබේ.
ජනතාවගේ ගැටළු නිරාකරණයට කෘතීම බුද්ධිය වැනි තාක්ෂණයන් භාවිතා කීරීමට ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන පිරිස් පෙළබිම ඉතා කාලෝචිත ක්‍රියාවක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අගයන අතර එහෙත් අන්තර්ජාලයේ වීඩියෝ පට සංස්කරණය සදහා තිබෙන සංරචක උපයෝගී කරගනිමින් දෘශ්‍ය ප්‍රයෝග ජනතාවට ඉදිරිපත්කොට ජනතාව නොමග යැවීමට ජනාධිපතිවරණ අපේක්ෂකයින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.
එම ඉදිපත් කිරීම් වලට අදාළ වීඩියෝ පට සංස්කරණය සදහා තිබෙන සංරචක මේ වනවිට සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඉතා වේගයෙන් හුවමාරු වෙමින් පවතී.
මෙලෙස කෘතීම බුද්ධිය වැනි තාක්ෂණයන් පිලිබදව බොරු මවාපෑම් සිදුකිරීමට යාමෙන් එම තාක්ෂණයන් පිලිබදව ජනතාව වැරදි අවබෝධයක් ලබාගත හැකි බව අප සංගමය සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට පෙන්වාදීමට කැමැත්තෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

COMMENTS