දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාත්‍යන්තර පාසල්, සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම යලි ඇරඹේ.
Homeගොසිප්

ජාත්‍යන්තර පාසල්, සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම යලි ඇරඹේ.

PropellerAds

ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය, අක්ත ගැන්වීම හා නියාමනය සම්බන්ධයෙන් මේ දක්වා නීතිරීති හා රෙගුලාසි සකස් කරනු ලැබ නොතිබීම හේතුවෙන් විවිධාකාර ...

ලංගමයට නව බස් 500 ක්.
'අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න තැනක් දන්නේ නෑ' - අගමැති.
නවක වදය ගැන කියන්න APP එකක්.

ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය, අක්ත ගැන්වීම හා නියාමනය සම්බන්ධයෙන් මේ දක්වා නීතිරීති හා රෙගුලාසි සකස් කරනු ලැබ නොතිබීම හේතුවෙන් විවිධාකාර අවධිමත් ලියාපදිංචි කිරීමේ මාර්ග ඔස්සේ සීමාවකින් තොරව නිසි ප්‍රමිතියක් රහිත ජාත්‍යන්තර පාසල් රටපුරා ස්ථාපනය වීමේ අවදානමක් පවතී.

මෙම පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගෙන් 95%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකික දරුවන් බැවින් රටේ අවශ්‍යතාවන්ට ගැ‍ළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් මෙම සිසුන් විසින් ලබා ගන්නා බවට සහතික කළ යුතු වේ. සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබාගැනීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී සහ විදේශ ආයෝජකයින් මෙරටට ආකර්ෂණය කරගැනීමේදී නිසි ලෙස ප්‍රමිතිකරණයට ලක් කරන ලද ජාත්‍යන්තර පාසල් පැවතීම අත්‍යවශ්‍ය ප්‍රබල සාධකයක් වේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් විධිමත් නෛතික රාමුවක් සකස් කරනු ලබන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලබන නිර්දේශය මත, ජාත්‍යන්තර පාසල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

තවද, ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම, අක්ත ගැන්වීම, නියාමනය, ගුණාත්මක බව සහතික කිරීම සහ අධීක්ෂණය සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ස්ථාපනය කිරීම, එම පාසල්වල ගුරුවරුන් පුහුණු කිරීම, ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සිංහල, දෙමළ, ආගම සහ ඉතිහාසය යන විෂයයන් ඉගැන්වීම අනිවාර්යය කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාත්‍යන්තර පාසල්, සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම යලි ඇරඹේ.
ජාත්‍යන්තර පාසල්, සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම යලි ඇරඹේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXH4yUsNkbkzGFg3NHHCPamGqL0u9NjivWgpFJkUdQzpZ9Kax5E9Wxh_Zji7_0Z37Sgb_-NrYK_uJeZ7FkFt1W13pufLlJJ5gjtJVbcuiSeVMYaNCUV2_JSlWudNHsFKIV7D_eWKEsxGQ/s1600/Intenational-Schools.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXH4yUsNkbkzGFg3NHHCPamGqL0u9NjivWgpFJkUdQzpZ9Kax5E9Wxh_Zji7_0Z37Sgb_-NrYK_uJeZ7FkFt1W13pufLlJJ5gjtJVbcuiSeVMYaNCUV2_JSlWudNHsFKIV7D_eWKEsxGQ/s72-c/Intenational-Schools.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_652.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_652.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy