දකුණු පළාතේ පැතිර යන උණ රෝගී තත්ත්වයෙන් තවත් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම දරුවාට උපතින් හෘද රෝග තත්ත්වයක් පැවති බව දකුණු පළාත් ...
දකුණු පළාතේ පැතිර යන උණ රෝගී තත්ත්වයෙන් තවත් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම දරුවාට උපතින් හෘද රෝග තත්ත්වයක් පැවති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේය.
අවුරුද්දකට වඩා අඩු වයසින් යුත් මෙම දරුවා දින ගණනක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස් උණ රෝගයට ප්‍රතිකාර ගෙන තිබේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා කියා සිටියේ මෙම දරුවාගේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය නියුමෝනියාව දක්වා වර්ධනය වීම හේතුවෙන් අද (23) මිය ගොස් ඇත.
දකුණු පළාතේ පැතිර යන උණ තත්ත්වය හේතුවෙන් මියගිය මුළු සංඛ්‍යාව 13කි.
COMMENTS