දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාසිදායක නොවූ මාර්ගවල ගුවන්ගමන් ශ්‍රීලංකන් අලාභයට හේතුවෙලා.
Homeගොසිප්

වාසිදායක නොවූ මාර්ගවල ගුවන්ගමන් ශ්‍රීලංකන් අලාභයට හේතුවෙලා.

PropellerAds

තාවකාලික මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පැවති අතර, එහි මෙහෙයුම් අලාභය 2016 වසරේ දී ව...

වැල්ලවත්ත ගොඩනැගිලි කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මරුට
වැල්ලවත්ත ගොඩනැගිලි කඩාවැටීම මොබයිල් ෆෝන් එකක සටහන්වූ හැටි
කිරිබත්ගොඩ තොරණ වැටේ- නුගේගොඩ- කොටුව ගස් වැටේ - කැලණි වැලි දුමිරියට බාධා
තාවකාලික මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පැවති අතර, එහි මෙහෙයුම් අලාභය 2016 වසරේ දී වාර්තා වූ රුපියල් බිලියන 10.4 ට සාපේක්ෂව 2017 වසරේ දී රුපියල් බිලියන 13.7 ක් විය.

ආදායම රුපියල් බිලියන 148 ක් දක්වා සියයට 12.3 කින් ඉහළ ගිය ද මෙහෙයුම් වියදම රුපියල් බිලියන 161.7 ක් දක්වා සියයට 13.7 කින් ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව අලාභ වාර්තා කළේය.

ආර්ථිකමය වශයෙන් වාසිදායක නොවූ මාර්ගවල අඩු මගී ආසන පිරීමේ අනුපාතය (load factor) ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙම අලාභයට හේතු විය. එබැවින් 2018 වසරේ දී නවදිල්ලිය, හයිද්‍රාබාද් සහ ලාහෝර් දක්වා ගමන් වාර ඉහළ නැංවීමටත්, සීෂෙල්ස්, මාලේ සහ ගෑන් දූපත්වලය පවත්නා ගමන්වාර අඩු කිරීමටත්, චීනයේ කුන්මින්ග් වෙත පවත්නා ගුවන් ගමන් අත්හිටුවීමටත් ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇත.

තවද, 2017 ඔක්තෝබර් 29 දින සිට මෙල්බර්න් දක්වා දිනපතා, සෘජු ගුවන් ගමන් සේවාවක් දියත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිය ගුවන් මාර්ග ජාලය පුළුල් කිරීමට තවත් වැදගත් පියවරක් ගන්නා ලසී. මේ අතර, 2017 වසර අවසානයේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන්යානා ඇණිය පුළුල් බඳ සහිත ගුවන්යානා 13 කින් ද, පටු බඳ සහිත ගුවන්යානා 14 කින් ද සමන්විත වූ අතර, එය මෙම ගුවන් සේවය සතුව මේ දක්වා පැවති විශාලතම ගුවන්යානා ඇණිය විය.

තවද, 2017 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙහය වූ මුළු ආසන ධාරිතාව සියයට 7 කින් ඉහළ ගියේය. මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සේවයේ මූල්‍ය ශක්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදේශන සේවා සපයා ගලැනීමට 2017 වසරේ දී රජය විසින් ‘යෝජනා කැඳවීමක්‘ (Request for Proposal) කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ වත්මන් ව්‍යාපාර ආකෘතිය ස්වාධීනව අධ්‍යයනය කිරීමටත්, යෝජිත රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා සුදුසු අපේක්ෂකයින් හඳුනා ගැනීම මගින් ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වීමටත් ප්‍රධාන උපදේශකයෙකු පත් කෙරිණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාසිදායක නොවූ මාර්ගවල ගුවන්ගමන් ශ්‍රීලංකන් අලාභයට හේතුවෙලා.
වාසිදායක නොවූ මාර්ගවල ගුවන්ගමන් ශ්‍රීලංකන් අලාභයට හේතුවෙලා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbP0ut1ujjZRF3bu0kQPrCqEUMa3x1jssdfMfGXv5dYacd9gd-NL_R0IVfxovCvk6K4Ng-JMLlcCDyKvI_3ldLlVKuThDJJcNVCiEW_vd4NRMx1L9Bybs-r4cn_Za63nrE6mXYig5KzX0/s1600/SriLankan-A340.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbP0ut1ujjZRF3bu0kQPrCqEUMa3x1jssdfMfGXv5dYacd9gd-NL_R0IVfxovCvk6K4Ng-JMLlcCDyKvI_3ldLlVKuThDJJcNVCiEW_vd4NRMx1L9Bybs-r4cn_Za63nrE6mXYig5KzX0/s72-c/SriLankan-A340.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_488.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_488.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy