දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රාජපක්ෂලාගේ කුහක දේශපාලනය එජාපය කරන්නේ නැහැ' - ඇමති සාගල.
Homeගොසිප්

'රාජපක්ෂලාගේ කුහක දේශපාලනය එජාපය කරන්නේ නැහැ' - ඇමති සාගල.

PropellerAds

දේශපාලන කුහකත්වයෙන් තොරව දේශපාලනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම වත්මන් රජයේත් ප්‍රතිපත්තිය බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ ...

1971 මාව මරන්න නියමව තිබී යන්තම් බේරුණා - ජනපති මෛත්‍රි
දින 28 බිළිඳිය පණපිටින් වළදමා මැරූ මව සිදුකරන හෙළිදරව්ව
හික්කඩුවේ ව්‍යාපාරිකයා සුද්දන් සමග එක්ව කොල්ලුපිටිය අපාර්ට්මන්ට් එකේ සඟවා තිබූ කෝටි 108 ක කුඩු අල්ලාගත් මෙහෙයුම
දේශපාලන කුහකත්වයෙන් තොරව දේශපාලනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම වත්මන් රජයේත් ප්‍රතිපත්තිය බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ වැලිගම, පොල් අතුමෝදර පාලම ජනතා අයිතියට පත්කිරීම සහ ජපන් ආධාර මත ඉදිකරනු ලැබූ තවත් පාලම කිහිපයක් නිරීක්ෂණයට ලක් කිරීමට අද (11) උදෑසන එක්වූ අවස්ථාවේදීයි.

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් මෙසේය, 

"ජපන් රජයේ ආධාර යටතේ ඉදිකරනු ලබන පාලම් ව්‍යාපෘති දෙකක් තියෙනවා. එහි දෙවන ව්‍යාපෘතිය යටතේ ඉදිවන පාලම් තමයි මේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ඉදිකෙරෙන, අද විවෘත කරන පාලම් හතර. එය දැන් ජනතා අයිතියට පැවරීමට වැඩකටයුතු යෙදුනා.  මේ වැඩකටයුතු පටන්ගත්තේ 2014 වර්ෂයේදී. 2014 මේ වැඩකටයුතු පටන්ගත්ත දේශපාලන අධිකාරිය, ව්‍යාපෘති නිලධාරීන්, ජපන් රජයට සහ ජපන් තානපතිතුමන්ට ස්තුතිය අපි පුදකළ යුතුයි. නොයෙකුත් බාධක මැද මෙම පාලම් වැඩසටහන සිදුකරනු ලැබුවද අද ජනතාවට කුඩා ඉඩ ප්‍රදේශයක් තුල පාලම හතරක් ලබාදීමට හැකියාව ලැබිල තියෙනවා. 

2001 වර්ෂයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල්ගල් තැබුවා වැඩකටයුතු ආරම්භ කිරීමට නමුත් වැඩකටයුතු පටන් ගත්තේ නැහැ. 2003 නැවත අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වැඩකටයුතු ආරම්භ කිරීමට කටයුතු කළා. ඒ අවස්ථාවේදී අපි බද්දෙගමදී උත්සවයක් පැවැත්වුවා. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නිමකරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේදී ඒක ජනතා අයිතියට පත්කලා. මේක තමයි රටක රජයක් වෙනස්වෙනකොට රටේ සංවර්ධනය ඉදිරියට අරගෙන යන විදිය. ඉතින් ඒ වගේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ කාලේදී වැඩ පටන් ගත්ත අධිවේගී මාර්ගයේ වැඩකටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී වැඩ නිම වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේදී වැඩ පටන් ගනිපු මේ වැලිගම පාලම් හතරේ වැඩකටයුතු අපේ ආණ්ඩු කාලේදී වැඩ නිමවුණා. ඒ වැඩකටයුතු නිමකරන්න කටයුතු කල සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු වලින් රටට යහපතක් සිදුවෙන ආකාරයෙන් රටේ සංවර්ධනය බාධක නැතිව සාර්ථකව ඉදිරියට ගෙනයන්න අපි වැඩකටයුතු කරනවා. 

මේ ප්‍රදේශයට පාලම හතරක් ලැබිලා තියෙනවා. ඒ සඳහා උදව් කරපු සියලු දෙනාට රජය වෙනුවෙන්, කබීර් හෂීම් ඇමතිතුමා වෙනුවෙන් සහ මාතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් වෙනුවෙන් මගේ ස්තුතිය පුද කරනවා."

මෙහිදී ප්‍රශ්නයක් විමසූ මාධ්‍යවේදියා - සර්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මේක දැන් විවෘත කළා, ?

ඊට පිළිතුරු දැක්වූ අමාත්‍යවරයා,

කමක් නෑ, පොඩි චූන් එකක එනවනම් ඕක කරන්න දෙන්න, මේක ජපන් රජයේ ජනතාවගේ මුදල්වලින් මේ කටයුතු කරලා තියෙන නිසා විවෘත කිරීම සඳහා ඒ රටේ තානාපතිතුමා සහභාගී වෙන්න ඕන. ඉතින් මේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරන වෙලාවේ ඒ රටේ නියෝජනයක් තියෙන්න ඕන එතන. තානාපතිතුමා අපි සමඟ සහභාගී වෙලා ඉන්නවා. 

එදා දක්ෂිණ අධිවේගී මාර්ගය අපි මුල්ගල් තියපු එක, පස් පිරවීම ඇතුළු සියලු කටයුතු අපි කරපු එක ගුවනින් දිවෙන පාලම්වල සියලු කටයුතු කරපු එක එයාල අධිවේගය හදන්න ගනිපු වෙලාවේ පාලමක තට්ටුව දාද්දි වට්ටගෙන කොහොමහරි දරුවෙකුත් නැතිකරලා, ඉදිකරන කාලය ප්‍රමාදත් කරලා ඉවර කලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ධූර කාලයේදී. අපි ඒ වෙලාවේ උද්ඝෝෂණ කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පින්තූර අරගෙන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වාහන පෙළ හරස් කලේ නැහැ. ඒ කුහක දේශපාලනය එක්සත් ජාතික පක්ෂය කරන්නේ නැහැ. ඒක තමයි ශිෂ්ට රජයක වටිනාකම වෙන්නෙත්. 

"ඕගොල්ලන්ට තියෙනවනේ තොරතුරු දැනගැනීමේ අයිතිය, පහුගිය කාලේ පාලමක් විවෘත කරන උත්සවයක් පවත්වන්න කීයක් වියදම් උනාද කියල හොයල බලන්න, ලක්ෂ 50 ක් විතර වියදම් කළා. දැන් අද කීයද කියල අහල බලන්න මම හිතන්නේ සුළු ගානක් වැයවෙන්න ඇත්තේ. ඒ උත්සවයට දාන මුදලුත් අපි වියදම් කරන්නේ ජනතාවගේ සංවර්ධනයට."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29329,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රාජපක්ෂලාගේ කුහක දේශපාලනය එජාපය කරන්නේ නැහැ' - ඇමති සාගල.
'රාජපක්ෂලාගේ කුහක දේශපාලනය එජාපය කරන්නේ නැහැ' - ඇමති සාගල.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2Uz2-7z8qrlHr6FLn9HFjx6VG5s6MTz6s8AKr0MYqz8uiXRVIS-kpLVCkRUuFmG9afPUi9jdRH1cqkiN4XfXyndkarffgHO-NvDMW4iikalNsq1Loe3S4RmCag0ex8NWGtWR0h9Ha5M0/s1600/Sagala+Ratnayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2Uz2-7z8qrlHr6FLn9HFjx6VG5s6MTz6s8AKr0MYqz8uiXRVIS-kpLVCkRUuFmG9afPUi9jdRH1cqkiN4XfXyndkarffgHO-NvDMW4iikalNsq1Loe3S4RmCag0ex8NWGtWR0h9Ha5M0/s72-c/Sagala+Ratnayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_471.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_471.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy