කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය විසන්ධි වීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. බියගම -...
කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය විසන්ධි වීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
බියගම - පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද(15) උදෑසන 7 සිට පැය 05ක පමණ කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබිණි.
බත්තරමුල්ල, පන්නිපිටිය, ශ්‍රී ජයවර්ධනපුර, මහරගම, දෙහිවල - ගල්කිස්ස සහ රත්මලාන ඇතුළු ප්‍රදේශ රැසකට මේ හේතුවෙන් විදුලිය ඇණහිට තිබූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
කිලෝවොට් 220 රැහැන් මාර්ගයේ මෙම කාර්මික දෝෂය හටගෙන තිබූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතරතුරදි මෙම විදුලි බිඳ වැටීම සිදු විය.
කොන්දේසි කිහිපයක් මත පදනම්ව තමන් නඩත්තු කටයුතුවල නිරත වන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසී ය.
ඒ අනුව මේ වන විට විදුලි සැපයුම නැවත සියලුම ප්‍රදේශ වෙත ලබා දි අවසන් බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS