අද (24) දහවල් 12.55 ට පමණ නිට්ටඹුව පොලීසියේ හත්වඩුන්න ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කළ මවකට සහ ඇයගේ පුතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ...
අද (24) දහවල් 12.55 ට පමණ නිට්ටඹුව පොලීසියේ හත්වඩුන්න ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කළ මවකට සහ ඇයගේ පුතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මොවුන් දෙදෙනාට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මව සහ යතුරු පැදිය පැදවු පුතා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වයස අවුරුදු 53ක් වු දුමුන්නේගෙදර, කල්එළිය යන ලිපිනයේ පදිංචි රාමනායක පතිරණලාගේ විනීතා පද්මිණි යන කාන්තාව මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
වයස අවුරුදු 26 ක් වු ඇයගේ පුතා තවමත් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
වෙඩි තැබූවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිට්ටඹූව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.
COMMENTS