රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැ...
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුරුද්ධ පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පසුගිය 4 වැනිදා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී දිසානායක මහතා රුපියල් කෝටි දෙකක අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කරනු ලැබීය. ඒ වෙනුවට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත් කළේය.
පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරිමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔහුගේ පත්වීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
COMMENTS