තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කිසිම අවස්‌ථාවක ස...
තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කිසිම අවස්‌ථාවක සමාව ඉල්ලා සිටීමක් කර නැතැයි එම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී.
අමාත්‍යංශ මාධ්‍ය ලේකම්වරයා විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලූ බවට පසුගිය 10 වැනිදා පුවත්පත්වල පළවූ පුවත නිවැරදි නොවන බව එම නිවේදනයේ සඳහන් කොට ඇත.
රට තුළ ඇතිවූ දේශපාලන අර්බුද පිළිබඳ ඇමැති සරත් ෆොන්සේකා මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් සිදුවූ බවද එම සාකච්ඡාවට අගමැතිවරයා ද සහභාගි වී ඇතැයිද මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර සිටී.
පවත්නා ප්‍රශ්න පිළිබඳ මාධ්‍ය ඉදිරියේ හෝ රැස්‌වීම්වල ප්‍රකාශ නොකර තමන් සමග සාකච්ඡා කරන ලෙසද දෙදෙනා අතර තිබෙන හිත හොඳකම මත සාකච්ඡාවෙන් ප්‍රශ්න විසදාගත හැකි බව ද ජනාධිපතිවරයා ෆොන්සේකා මහතාට ප්‍රකාශ කර ඇතැයිද එම නිවේදනයේ දැක්‌වේ.
පසුගියදා (10 ) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සිය ප්‍රකාශයට කණගාටුව පළ කර සමාවක් ඉල්ලා සිටි බවයි.
COMMENTS