පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පුද්ගලයන් 166 දෙනකුට චෙක්පත් හරහා ඍජුවම ලබාදුන් මුදල් වටිනාකම රුපියල් මිලියන 1190ක් වන බව 'දූෂණ විරෝධී හඬ...
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පුද්ගලයන් 166 දෙනකුට චෙක්පත් හරහා ඍජුවම ලබාදුන් මුදල් වටිනාකම රුපියල් මිලියන 1190ක් වන බව 'දූෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.
එකී 166න් රුපියල් මිලියනයක් මන්ත්‍රි දයාසිරි ජයසේකරට ලබා දුන්නේ නම් ඉතිරි 165 දෙනා කවුරුන්දැයි වහාම හෙළි කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් මෙන්ඩිස් සමාගමේ සහ ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමේ ගිණුම්වලට දමා ඇති බවත් එම මුදල්වලින් ඇලෝසියස්ගේ පියාගේ ගිණුමකට බැර කර ඇති රුපියල් මිලියන 1190ක් සෙලාන් බැංකු ශාඛාවක ගිණුමක් මගින් චෙක් පත් 166ක් මගින් විවිධ පුද්ගලයන් වෙත ලබා දී ඇති බව වසන්ත සමරසිංහ මහතා පැවසී ය.
මෙම කරුණ මීට පෙර මාධ්‍ය හමුවක් කැඳවා තමන් විසින් හෙළිදරව් කළ බව අවධාරණය කරන වසන්ත සමරසිංහ මහතා හදිසියේම දයාසිරි ජයසේකර මහතාගේ නම එළියට ඒම තුළින් බැඳුම්කර වංචාවට සෘජුවම හවුල් වූ පර්පෙචුවල් සමාගම විසින් ලබා දුන් එම රුපියල් මිලියන 1190ක මුදලින් එක් මිලියනක් ලබා ගත් පුද්ගලයා හෙළි දරව් වී ඇති බව කියා සිටියේය.
ඒ නම හෙළි කළේ දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉවත් වූ නිසාදැයි ප්‍රශ්න කළ වසන්ත සමරසිංහ මහතා ඉතිරි රුපියල් මිලියන 1189ක මුදලට සිදු වූයේ කුමක්ද යන්න රටහමුවේ හෙළි දරව් කළ යුතු බව ප්‍රකාශ කළේය.
එමෙන්ම එම මිලියන 1189ක මුදලේ චෙක් පත් 165 බෙදා දෙන ලද්දේ කවුරුන් වෙතද යන්නත්, එම පුද්ගලයන් කවුරුන්ද යන්න දැන් රට හමුවේ හෙළිදරව් කළ යුතුව ඇති බවත් ඔහු අවධාරණය කරයි.
එම චෙක් පත් 165 ලබා ගත් පුද්ගලයන් අතර ආණ්ඩුවේ ප්‍රබලයන්ද විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන සම්බන්ධ නඩුව පසුගිය 24වනදා කැඳවූ අවස්ථාවේදී පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දුන් රුපියල් මිලියනයක චෙක් පතක්, හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් තම ආරක්ෂක නිලධාරීවරයා මගින් මාරුකරවාගෙන ඇති බව අනාවරණය විය.
මේ වනවිට දයාසිරි ජයසේකර මහතා රනිල් - මෛත්‍රී ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වාඩි වී සිටියි.
COMMENTS