පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබ...
පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි බෝට්ටු 02ක් සහ තවත් උපකරණ කිහිපයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ උපරණ වැඩිදුර විමර්ශන සඳහා කුච්චවේලි පොලීසියට බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.
COMMENTS