රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීක ගුවන් මගියෙකු අද (31) කටුනායක බ...
රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීක ගුවන් මගියෙකු අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු 60 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකි. ඔහු තම ඉන වටා බැද ගෙන සිටි විශේෂ පටියක මෙම ග්රෑම් 100 බැගින් වූ රන් බිස්කට් 100 සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .
එම රන් බිස්කට් වල මුළු බර කිලෝ ග්රෑම් 10 ක් බව ද රේගුව සදහන් කරයි.
ඔහු අද (31) උදෑසන 8.50 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "(Green Chanel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .
නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක , ශ්‍රී ලාල් විජේවර්ධන සහ රසික සමන්ජිත් යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඕ.ජේ.ඔබේසේකර ,
විපුල මිනුවන්පිටිය සහ විරාජ් විජේවර්ධන , රේගු අධිකාරීවරුන් වන එස්.එච්.එම්.ඉබ්‍රාහිම් කමල් සෙනෙවිරත්න සහ ශාන්තප්‍රිය , සහකාර රේගු අධිකාරීවරුන් වන රවි සමරසිංහ සහ සුමුදු ජයවර්ධන යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .
(කටුනායක ටී.කේ.ජී.කපිල)
COMMENTS