දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය සේවකයින්ට දින 05 ක වැඩ සතියක්.
Homeගොසිප්

සෞඛ්‍ය සේවකයින්ට දින 05 ක වැඩ සතියක්.

PropellerAds

ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කළ මැයි රැළිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්...

සයිටම් විරෝධයට වහන රෝහල් ලෙඩුන්ට මගේ රෝහලෙන් සේවය නොමිලේ -වෛද්‍ය නෙවිල්
නිතර ඇබ්සන්ට් වන මන්ත්‍රිවරුන්ගේ තොරතුරු මින්පසු රහසක් නොවේ
කෙහෙළිය පුත් රමිත් රඹුක්වැල්ලගේ අලුත්ම පෙම්වතියගේ ඡායාරූප

ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කළ මැයි රැළිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ පැවැත්විනි. ඒ මරදානේ පිහිටි එම සංගම් මුලස්ථානයේ දීය. මෙහිදී මැයි දින යෝජනා 13 ක් ඉදිරිපත් විය.

මෙම මැයි රැළිය අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයට වසර 68 ක ඉතිහාසයක් තිබෙනවා. මම මෙම සංගමය සමග වසර 40 ක් සම්බන්ධ වී සිටිනවා. මෙම සංගම් මුලස්ථානයේ දී සාකච්ඡා රැසක් පවත්වා තිබෙනවා. දුෂ්කර ගමන් මාර්ගයක සිට ඉදිරියට පැමිණ තිබෙනවා. වෘත්තීය සමිති, වෘත්තීය සමිතියක් ලෙස ක්‍රියාත්මක නොවී දේශපාලන ව්‍යාපාරවලට ගොදුරුවීම නිසා විනාශ වුනා. නමුත් ජනරජ සෞඛ්‍ය සේවා සංගමය එවැනි දේශපාලන ව්‍යාපාරයකට ගොදුරු වූයේ නැහැ. එම නිසා මෙම ව්‍යාපාරය කාටවත් කඩාකප්පල් කිරීමට නොහැකි වුනා. ශක්තිමත් සංගමයක් ලෙස ඉදිරියට පැමිණීයේ ජාති, ආගම්, කුල භේද ඉවතලා නව චින්තනයකින් කටයුතු කිරීම නිසයි. සෑම වෘත්තීය සමිතියක් ම වෘත්තීය සමිති කළමණාකරණය පිළිබදව මෙම සංගමයෙන් අධ්‍යයනය කළ යුතුයි. උතුරු නැගෙනහිර පළාත්වලත් මෙම සංගමයේ සාමාජිකයින් සිටීම විශේෂ කරුණක්.

වර්තමානයේ පැය 08 වැඩ කරන කාලය කම්කරුවන් ගණන් ගන්නේ නැහැ. නමුත් එය ලබාගත්තේ ජිවිත පරිත්‍යාගයෙන්. කම්කරු ඉල්ලීම් ලබාදීමට පැවැති රජයන් කටයුතු කළා. ඒ අකාරයට යහපාලන රජයත් රුපියල් 10,000 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. ලංකා ඉතිහාසයේ ලබාදුන් වැඩිම වැටුප් වැඩිවීම එයයි. සෞඛ්‍ය සේවකයින්ගේ දින 05 සතිය ස්ථාපිත කිරීම පිළිබදව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉතිරි දින වලට අතිකාල දීමනා ලබාදීමට සැළසුම් කර තිබෙනවා. සෞඛ්‍ය කාර්ය සහායකයින්ට ක්‍රමවත් පුහුණුවක් ලබාදෙන ලෙසත්, උපස්ථායක පුහුණූව මාස 06 දක්වා වැඩි කරන ලෙසත් ඉල්ලා තිබෙනවා. ඒ පිළිබදව අවධානය යොමු කිරීමට මම තීරණය කළා. ජාතික ආදායමෙන් අධ්‍යාපනයට මුදල් වැඩි කර තිබෙනවා. 2017 වසරේ පමණක් සෞඛ්‍ය සේවාවන් සදහා රුපියල් කෝටි 50,000 ක් වැය කර තිබෙනවා. අධ්‍යාපනය සදහා ජාතික ආදායමෙන් සියයට 4.1 ක් වෙන් කර තිබෙනවා. පාසල් දරුවන් ලක්ෂ 42 ක් රුපියල් ලක්ෂ 02 බැගින් රක්ෂණය කර තිබෙනවා. මේ වනවිට සෞඛ්‍ය සේවාවන් සදහා සියයට 3.24 ක් ජාතික ආදායමෙන් වෙන් කර තිබෙනවා. සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරිම සදහා වැඩසටහන් රැසක් දියත් කර  ඇති අතර, මෙම වසර අවසන් වනවිට පිළිකා ඖෂධ ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කිරීමට පියවර ගන්නවා.

අපේ රජය සිදු කරන ඇතැම් වැඩ කටයුතු පිළිබදව ජනතාව දැනුවත් වී නැහැ. හෘද රෝගීන් සදහා අවශ්‍ය ස්ටෙන්ස් හිගයකින් තොරව රෝහල්වලට ලබා දී තිබෙනවා. එම වැඩපිළිවෙල සාර්ථක කර ගන්නා තුරු ප්‍රශ්ණ තිබුනා. අද වන විට හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් දැමීමේ ශල්‍ය කර්ම 450 - 500 ත් අතර ප්‍රමාණයක් සිදු කරනවා. 2017 වසරේ අක්ෂි සැත්කම් 10,000 කට අධික සංඛ්‍යාවක් ජාතික අක්ෂි රෝහලේ සිදු කර තිබෙනවා. අනියම් සහ ආදේශක සේවකයින් 4000 ක් ස්ථිර කිරීමට පියවර ගන්නවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රගතශීලී තීන්දු තීරණ වර්තමානයේ ගැනීම ඉතා වැදගත්. වෛද්‍ය සිසුන් අතර සයිටම් ප්‍රශ්නය විසදීම සදහා නව පනතක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතික ආදායමෙන් වැඩිම මුදලක් වෙන් වන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට හා විශ්‍රාම වැටුප් ගෙවීමටයි. එය ඉදිරියේ දී අභීයෝගයක්. එම නිසා දායක විශ්‍රාම වැටුපක් හදුන්වාදීමට ආචාර්ය එන්.එම් පෙරේරා මහතා මීට පෙර යෝජනා කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් සහ වරප්‍රසාද ලබාදීමට මම කටයුතු කරනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති ආසාධාරණ ඉල්ලීම් ඉල්ලා සිටින්නේ නැහැ.

මෙම අවස්ථාවට වෘත්තිය සමිති නායකයින් රැසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය සේවකයින්ට දින 05 ක වැඩ සතියක්.
සෞඛ්‍ය සේවකයින්ට දින 05 ක වැඩ සතියක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmwwhyu93-YUxl3Pj3dBd-Cpnb9Af3c7khpw4rMNA3yo6w4sz_qR88ddz2sJBEPNdMb1OdGKGcyL9cQvAdoRa3IRypNeNQ9eicrv8vFyp8Mj9nK3U2bZkytJq2aQGbBe-mJgPzHhMLlDs/s1600/31944139_10155891055024130_8399012777317892096_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmwwhyu93-YUxl3Pj3dBd-Cpnb9Af3c7khpw4rMNA3yo6w4sz_qR88ddz2sJBEPNdMb1OdGKGcyL9cQvAdoRa3IRypNeNQ9eicrv8vFyp8Mj9nK3U2bZkytJq2aQGbBe-mJgPzHhMLlDs/s72-c/31944139_10155891055024130_8399012777317892096_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/05_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/05_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy