සයිටම් විශ්ව විද්‍යාල වෛද්‍ය උපාධි ලබන සිසුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලියාපදිංචිය ලබා දෙන්නැයි අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය විවේ...
සයිටම් විශ්ව විද්‍යාල වෛද්‍ය උපාධි ලබන සිසුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලියාපදිංචිය ලබා දෙන්නැයි අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය විවේචනය කරමින් අධිකරණයට අපහාස කළ බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුනි මස 05 වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරු හමුවේ කැඳවනු ලැබු අවස්ථවේදී එලෙස තීරණය කළේය.
මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරු අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
COMMENTS