මගී ජනතාවට වෙන වෙනම ප්‍රවේශ පත්‍ර නොගෙන ලංගම, පෞද්ගලික බස් රථ හා දුම්රියෙන් ගමන් කළ හැකි විද්‍යුත් කාඩ් පතක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කො...
මගී ජනතාවට වෙන වෙනම ප්‍රවේශ පත්‍ර නොගෙන ලංගම, පෞද්ගලික බස් රථ හා දුම්රියෙන් ගමන් කළ හැකි විද්‍යුත් කාඩ් පතක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර ගෙන යයි.
ටච් කාඩ් යනුවෙන් නම් කෙරෙන මෙම ස්මාර්ට් කාඩ් පත්‍රය මිලදී ගන්නා මගීන්ට ලංගම හා පෞද්ගලික බස් සහ දුම්රියෙන් ගමන් කළ හැක. මෙම කාඩ් පත මගීන් විසින් මුදල් ගෙවා මිල දී ගත යුතු අතර බසයේ දී හෝ දුම්රියේ දී ගමන් කිරීමේ දී ඒ සඳහා වන ගාස්තුව කාඩ් පතින් අඩු කර ගනු ලැබේ.
ගමනාගමන කොමිෂන් සභාව, භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකා පේ සමාගම එක්ව මෙම ටච් කාඩ්පත සකස් කර ගෙන යන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ජී.පී.හේමචන්ද්‍ර මහතා පැවසීය.
ටච් කාඩ් පත භාවිතා කරන මගීන්ගෙන් කපා ගන්නා මුදල් ලංකා පේ සමාගම හරහා ලංගම, පෞද්ගලික බස් හිමියන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිණුම්වලට බැර කෙරෙනු ඇත. මෙම කාඩ් ක්‍රමය ක්‍රියාත්මක වූ පසු බස් මඟීන්ට ඉතිරි මුදල් නොලැබීම වැනි අක්‍රමිකතා වළක්වාගත හැකි බවද ජාතික ගමනගමන කොමිෂන් සභවේ සභාපතිවරයා පවසයි.
COMMENTS