අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
මෙම විශ්වාසභංගයේදී කුමන හෝ පාර්ශවයක් හට සහාය වීමට පෙරාතුව එකී පාර්ශවය සමගින් ලිඛිත අබබෝධතාවකට අත්සන් කළයුතු බවද මහ ඇමතිවරයා ප්‍රකාශ කරයි.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පළ කළේය.
වත්මන් දේශපාලන වාතාවරණයේදී සුළු ජාතීන්ට එරෙහි ක්‍රියාවන් ඇතිවීමට හේතු ඇත්තේ මහාජාතියේ නායකයින්ට එල්ල වන බලපෑම් බවත් මෙම අවස්ථාවේදී කල්පනාකාරීව කටයුතු කරමින් සුදුසු තීරණයක් ගතයුතු බවත් විග්නේෂ්වරන් මහතා සදහන් කර සිටියේය.
තමන් එක් එක් දේශපාලන පක්ෂ කෙරෙහි වෙන වෙනම අවධානය යොමුකළ බවත් මේ සියළු පක්ෂවල නායකයින් අදහස් දක්වන්නේ ඔවුන්ගේ තනිමතය අනුව බවත් මෙවන් තීරණ ජනතාවගේ අදහසට අනුව ගතයුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
අගමැතිවරයාට එරෙහිව නැගීසිටි එක්සත් ජාතික පක්ෂයේම නියෝජිතයින් අගමැතිවරයා වෙනුවෙන් කටයුතු කිරීමට එකගතාවක් ඇති කරගෙන ඇති නම් එම තීරණය පසුපස කුමක් හෝ වාසියක් සිදුව ඇති බවද මහ ඇමතිවරයා පැවසී ය.
COMMENTS