අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ආණ්ඩුවේ තනතුරු අතහැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ආණ්ඩුවේ තනතුරු අතහැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16දෙනා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (18) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ කටයුතු කළ යුතුද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
එහිදී සාකච්ඡා කළ යුතු කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය සංචාරය නිම කර මෙම 21 වන දා දිවයිනට පැමිණීමට නියමිත අතර ඉන්පසු මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවනු ඇතැයි අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසී ය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසූවේ ජාතික ආණ්ඩුවත් සමඟ හවුල් ආණ්ඩුවේ කොටස්කරුවකු වී ශ්‍රීලනිපය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නම් බලාපොරොත්තු විය යුත්තේ ශ්‍රීලනිපයේ අවසානය බවයි.
අවසානයේ ශ්‍රී ලනිපය බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී එජාපයේ නකුටක් වීමටද ශ්‍රී ලනිපයට සිදුවන බවද ශ්‍රී ලනිපය පක්ෂයක් ලෙස සංවර්ධනය විය යුතුව ඇති බවද පැවැසූ මන්ත්‍රිවරයා එහිදී පක්ෂයේ ලේකම් ඇතුළු තනතුරුවල වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවද කියා සිටියේය.
ඇමැති ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරුන් 16 දෙනා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වෙනමම කණ්ඩායමක් ලෙස කටයුතු කළද ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළට සහාය දෙන බව මන්ත්‍රීවරයා පැවසී ය.
මේ අනුව ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 54 දෙනාගේ සහායට තවත් මන්ත්‍රිවරු 16 දෙනකු එකතු වීමෙන් එම ප්‍රමාණය 70 දක්වා ඉහළ යන බවද කෙසේ වෙතත් තම පිරිස ශ්‍රී ලනිප නායකත්වය යටතේ ඉදිරියටත් කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලනිප ශාඛා සමිති, තරුණ සමිති හා කාන්තා සංවිධාන ඇතුළු සමිති සම්මේලන ප්‍රතිසංවිධාන කොට ජනප්‍රිය සංවිධායකවරු පත් කරමින් පක්ෂය ඉදිරියට ගෙන ආ යුතු බවත් එහිදී ඒකාබද්ධ විපක්ෂයේ පිරිසද ඒ සඳහා එකතු කරගනිමින් පෙරට ආ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS