ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන කටයුතු වඩාත් විධිමත් කරමින් එහි ස්වාධීනත්වය තහවුරු කෙරෙන පරිදි ශ්‍රී ලංකාවේ මහ බැංකුව ස්ථාපිත කිරීමට අදාළ මුදල...
ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන කටයුතු වඩාත් විධිමත් කරමින් එහි ස්වාධීනත්වය තහවුරු කෙරෙන පරිදි ශ්‍රී ලංකාවේ මහ බැංකුව ස්ථාපිත කිරීමට අදාළ මුදල් නීති පනත හා අදාළ අනෙකුත් නීතිරීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාව තුළ මිල ස්ථායීතාව තිරසර අන්දමින් පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා වන මුදල් ප්‍රතිපත්ති රාමුවක් ලෙස නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමට සහ මූල්‍ය ක්ෂේත්‍රයේ අධීක්ෂණ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමද මෙමඟින් අපේක්ෂා කෙරේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මහ බැංකු ක්‍රියාවලියට අදාළ නීති යාවත්කාලීන කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS