දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරාගෙන මැරෙනවා කියන එජාප මන්ත්‍රීවරු?
Homeගොසිප්

මරාගෙන මැරෙනවා කියන එජාප මන්ත්‍රීවරු?

PropellerAds

පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන බවට කාවින්ද ජයවර්ධන, නලීන් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළ...

සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ ගැසට් එක සැකයි - මහින්දගෙන් නිවේදනයක්
ලාෆ්ස් ගින්නට ගෑස් පිපුරුවේ නැති නිසා හානි අවමයි
පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන බවට කාවින්ද ජයවර්ධන, නලීන් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු කණ්ඩායමක් තමන්ට පොරොන්දු වූ බවත් එම පිරිස එම පොරොන්දුව ඉටු කරනවාද? නැත්නම් මරාගෙන මැරෙනවාද කියා බලාගෙන සිටින බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා  පැවැසීය.

පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන බව ප්‍රකාශ වුවද මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නොමැති බව සඳහන් කරමින් පාලිත රංගෙ බණ්ඩාර මහතා 'ඉරිදා මව්බිමට' ලබාදී ඇති විශේෂ ප්‍රකාශයක එබව සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයත් සමඟ පක්‍ෂය ජනතාව අතරට ගෙනයෑම සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් පත්කර තිබෙන කණ්ඩායමට තමා භාරදුන් බවත් එම වාර්තාවට වඩා යහපත් වාර්තාවක් තිබෙනවා නම් එය ක්‍රියාත්මක කළාට තමාට ගැටලුවක් නොමැති බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කරයි.

කමිටුවේ මතය නොව පාක්ෂිකයාගේ ඉල්ලීම අනුව ප්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු බවත් එම කමිටුවේ කාර්යභාරය දෙන දෙයක් කා වෙන දෙයක් බලාගැනීම නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අප්‍රේල් 30 වැනිදා වනවිට තමන්ට පොරොන්දු වූ පරිදි එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බවත් නොඑසේනම් මේ ප්‍රතිසංවිධානය වෙනුවෙන් දැඩිව පෙනී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ 50කට ආසන්න පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිස අනිවාර්යයෙන්ම දැඩි තීන්දුවක් ගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි.

අවසන් තීරණය 23දා !

කෙසේවුවද එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ,  එක්සත් ජාතික පක්ෂයේ සභාපති, මහලේකම් හා ජාතික සංවිධායක යන තනතුරු සඳහා ඡන්දයකින් සුදුස්සන් තෝරා ගත යුතු බවට බ්‍රහස්පතින්දා (19දා) පැවැති එජාප දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් කරන ලද යෝජනාව පිළිබඳව 23දා දක්වා කල් තැබූ එම දේශපාලන මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

මේ මස 26 වැනි දින සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නායකත්වය හැර සෙසු තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීමට නියමිතය. 

පක්ෂයේ නව ප්‍රතිසංවිධාන කටයුතුවලට අනුව පුරප්පාඩු පිරවීමේදී තරුණ දේශපාලනඥයන්ට ප්‍රමුඛත්වය ලබාදීම යටතේ නව නිලධාරි මණ්ඩලයේ අලුත් මුහුණු ගණනාවක් දකින්නට ලැබෙනු ඇතැයි සිරිකොත ප්‍රකාශකයෙක් පැවැසීය.

පක්ෂයේ තනතුරු සංශෝධනය කිරීම දේශපාලන මණ්ඩලයට නීත්‍යනුකූල බලතල ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි මන්ත්‍රි කමිටු වාර්තා මඟින් නිර්දේශ ඉදිරිපත්ව තිබේ. එකී කාර්යයන් ඉටුකර ගැනීම සඳහා පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිතය.

පක්ෂ මහලේකම් ධුරයට අමතරව පූර්ණකාලීනව පක්ෂයේ කටයුතු කළ හැකි ලේකම්වරයෙක්, ප්‍රචාරක ලේකම්වරයෙක් සහ වෘත්තීය සමිති ලේකම්වරයෙක්ද පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ පත්කර ගැනීමට නියමිතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරාගෙන මැරෙනවා කියන එජාප මන්ත්‍රීවරු?
මරාගෙන මැරෙනවා කියන එජාප මන්ත්‍රීවරු?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyaOUxGc8cJIXAN1eK_wGEYNqDYjgterWyNjnAE5wdOlQmi37oZd-OoSSF7_903V8VH6HLhiXPK_dQ8Dhy2ORUlUBgyJhyJ33BI-Nv-m8-yxe2SxeA3UP7iFIyPxqeuSyoT7kAaZpEZpo/s1600/100.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyaOUxGc8cJIXAN1eK_wGEYNqDYjgterWyNjnAE5wdOlQmi37oZd-OoSSF7_903V8VH6HLhiXPK_dQ8Dhy2ORUlUBgyJhyJ33BI-Nv-m8-yxe2SxeA3UP7iFIyPxqeuSyoT7kAaZpEZpo/s72-c/100.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_777.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_777.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy