එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකිව එජාප නායකත්වය සහ දේශපාලන මණ්ඩලය සිවුවැනි වතාවටත් අද (25)...
එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකිව එජාප නායකත්වය සහ දේශපාලන මණ්ඩලය සිවුවැනි වතාවටත් අද (25) සවස 5.00ට අරලියගහ මැඳුරේදී රැස්වීමට නියමිතය.
තෙවන වරට ඊයේ (24) සවස අරලියගහ මැඳුරේදී රැස්වූ මේ පිරිසට එජාපයේ පූර්ණ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී තිබේ.
ඒ අනුව මේ සම්බන්ධව තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් අද සවස 5ට නැවතත් සිදුකරන බවත් එජාප තනතුරු සම්බන්ධව දේශපාලන මණ්ඩලය මඟින් ඉදිරිපත් කරන නිර්දේශයන් පිළිබඳව යම් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් හෙට (26) දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායමේ ඡන්දයෙන් එම තනතුරු සම්බන්ධ අවසන් තීරණයකට පැමිණීමට එකඟ වූ බවත් වාර්තා වේ.
ඊට අමතරව ඇතැම් තනතුරු එජාප නායකත්වය විසින් පත්කිරීමටද එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත්කරගැනීමේ බලය එක්සත් ජාතික පක්ෂ නායකයාට පැවරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
පක්ෂයේ අනිකුත් තනතුරු එකඟත්වය මත පත්කිරීමට යෝජනා වී ඇති අතර, එකඟත්වයකට පත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා ඡන්ද විමසීමකට යොමුවීමටද දේශපාලන මණ්ඩලය එකඟතාවට පැමිණ තිබේ.
කෙසේ වෙතත් එජාප මහ ලේකම්, සභාපති, භාණ්ඩාගාරික සහ අලුතින්ම පත් කිරීමට නියමිත නව ලේකම් තනතුරු 03ක් ඇතුළු සෙසු තනතුරු රහස් ඡන්දයකින් පත් කර ගැනීමටද මේ වනවිට වැඩි අවධානයක් යොමු වී තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන මණ්ඩලය අද රැස්වී යළි සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, හෙට (26) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට අවසන් තීරණය දැනුම්දීමට නියමිතය.
COMMENTS