එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය සඳහා එම පක්ෂයේ වත්මන් නියෝජ්‍ය මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුදුසු බව පක්ෂ නියෝජි...
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය සඳහා එම පක්ෂයේ වත්මන් නියෝජ්‍ය මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුදුසු බව පක්ෂ නියෝජිතයින් රැසක් විසින් අදහස් පළ කර තිබේ. අද (19) අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ අලුත් අවුරුදු කෑම මේසයට සහභාගී වෙමින් එම නියෝජිතයින් මේ අදහස් පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරු රැසක් සඳහා තරුණ අදහස් හඳුනන, දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන, තරුණ කණ්ඩායමක් පත් වනු ඇති බවයි.
එමෙන්ම පක්ෂ මහලේකම් ධූරය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම මේ වන විට යෝජනා වී ඇති බවත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ මෙහෙයවීම මත, එක්සත් ජාතික පක්ෂයත්, වත්මන් යහපාලන රජයත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ, වසර තුනක කෙටි කාලයක් තුළ මෙරට අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත කර්තව්‍යක් ඉටු කළ, වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එම තනතුර සඳහා යෝජනා වී ඇති බවත්, එතුමන් එම තනතුර සඳහා පත් වුවහොත් එම වගකීම නිවැරදිව ඉටු කරනු ඇති බවට විශ්වාසයක් තමන් තුළ පවතින බවත් උත්සවයට එක් වූ කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
COMMENTS