දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ : තලතාගෙන් ඉතිහාසය වෙනස් කිරීමේ සුදානමක්.
Homeගොසිප්

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ : තලතාගෙන් ඉතිහාසය වෙනස් කිරීමේ සුදානමක්.

PropellerAds

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර එකී පුරප්පාඩුව සඳහා අමාත්‍ය තලතා අතුකෝරල ම...

උසින් වැඩිම නත්තල් ගස විවෘත කරන්නේ අද(24) රෑ 7 ට
ටෙලිෆෝන් කෝල් සිද්ධිය නිසා පොලිස් පුවත් පුද්ගලික මාධ්‍යට වැසේ
මඩකලපු කළුවන්චිකුඩි මුහුදෙන් අද හමුවූ ගුවන් යානා කොටස් (ඡායාරූප)

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර එකී පුරප්පාඩුව සඳහා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අවධානය යොමුව ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

තලතා අතුකෝරල මහත්මිය එසේ සභාපති ධුරයට පත්වුවහොත් ඇය එජාපයේ පළමු සභාපතිනිය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නිලධාරී මණ්ඩලය නිල කාලය අප්‍රේල් මාසයේ 30 දා අවසන් වීමට නියමිත අතර නව නිලධාරී මණ්ඩලය හා එජාප පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට අදාළ අවසන් තීරණවලට හෙට (08දා) සවස් වන විට එළැඹීමට හැකි වනු ඇතැයි ඉහත ආරංචිමාර්ග පවසයි.

පූර්ණ ප්‍රතිසංවිධානයක්:

පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කරන බවට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ප්‍රතිඥාවක් මත ප්‍රතිසංවිධානයට අදාළ කමිටු ත්‍රිත්වයේ නිර්දේශ හා යෝජනා පිළිබඳව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද දිනයේද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

එම තීරණවලට අනුව පක්ෂයේ සියලු නිලතල සඳහා සුදුස්සන් පත්කිරීම හා ව්‍යස්ථා සංශෝධන මේ මස අවසානයට පෙර සිදු කෙරෙනු ඇතැයි ඒ සඳහා පක්ෂයේ විශේෂ මහා සම්මේලන වාරයක් කැඳවීමට සිදුවන බවත් වාර්තාවේ.

එජාපයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීම සඳහා සියලුම තනතුරුවලට නාම යෝජනා කැඳවා ඡන්ද විමසීමකින් නිලධාරීන් පත් කළ යුතු බවත් 2020 මැතිවරණයකට ඉදිරිපත් කරන නායකයා නම් කළයුතු බවත් පක්ෂ ව්‍යවස්ථාවේ පසුගිය කාලසීමාවේ සිදු කළ සංශෝධන අහෝසි කර 1977දී ක්‍රියාත්මක වූ එජාප ව්‍යවස්ථාව යළි බලගැන්විය යුතු බවත් එජාප මන්ත්‍රිවරුන් බහුතරයක් පසුගිය දිනවල පැවැති සාකච්ඡාවලදී අවධාරණය කර තිබේ.

එමෙන්ම නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනෙකුට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව, කථානායකවරයාට භාර දුන් විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස් කර ගන්නා ලෙසට, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා. 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන නිවේදනයක් මගින් සදහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබදව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කොට තීරණයකට එළඹිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවයි. 

ඉදිරියේදී මේ පිළිබද පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කරන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇති මතභේදයට තුඩු දෙන කරුණු විසදා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.


කෙසේ වෙතත්, විශ්වාසභංගය ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද (07) දිනයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ : තලතාගෙන් ඉතිහාසය වෙනස් කිරීමේ සුදානමක්.
කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ : තලතාගෙන් ඉතිහාසය වෙනස් කිරීමේ සුදානමක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5J0OCA_hgHXiFsTeLyzbhhskxLP1Ah7ShvTwqKC1g4HYeGln7_MUfIbhTCxNoooLcsiLwTPgDXADq37pwkXm6gCwFn7ZToYr0cfCH2I2RR-66IEG-lRCJqn7lfVdWgCpb4IDK-T60B1w/s1600/z_p04-I-will.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5J0OCA_hgHXiFsTeLyzbhhskxLP1Ah7ShvTwqKC1g4HYeGln7_MUfIbhTCxNoooLcsiLwTPgDXADq37pwkXm6gCwFn7ZToYr0cfCH2I2RR-66IEG-lRCJqn7lfVdWgCpb4IDK-T60B1w/s72-c/z_p04-I-will.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_722.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_722.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy