දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෝට් සිටි ව්‍යාපෘතිය වේගවත් කරයි.
Homeගොසිප්

පෝට් සිටි ව්‍යාපෘතිය වේගවත් කරයි.

PropellerAds

මෙරට තරුණ ප්‍රජාවට අලුත් රැකියා 68,000 ක් ජනිත කරවන හා බස්නාහිර පළාතම විශාල සංවර්ධනයකට ලක් කරන පෝට් සිටි ව්‍යාපෘතිය වේගවත් කිරීමට ක්‍රමික...

හැමෝටම දෙන්න මුදල් වෙන් කළත් ටැබ් දෙන්නේ තෝරගත් පාසල් වලට විතරලු
අවුරුදු තුනයි මාස හතරේ දැරිය බනිස් කෑල්ලක් උගුරේ හිරවී මරුට
ආදම්ස් පීක් මකමින් ජාතීවාදී වැඩ කළ නිසා සිරිපාදේ යාම අවාරේ රෑට තහනම්

මෙරට තරුණ ප්‍රජාවට අලුත් රැකියා 68,000 ක් ජනිත කරවන හා බස්නාහිර පළාතම විශාල සංවර්ධනයකට ලක් කරන පෝට් සිටි ව්‍යාපෘතිය වේගවත් කිරීමට ක්‍රමික හා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇතැයි ‘පෝට් සිටි’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව රුපියල් බිලියන 2250ක දෙස් විදෙස් ආයෝජනයක් මඟින් අක්කර 670ක මුහුද ගොඩ කර ඉදි වන ‘පෝට් සිටි’ මහ නගරය ඉදිකිරීමේ කටයුතු ක්‍රමානුකූලව වේගවත් කිරීම සඳහා දැන් නව සංවර්ධන රෙගුලාසි එළිදක්වා ඇති බවද ඔහු හෙළිකර තිබේ.

පසුගියදා සෞභාග්‍යත්වයේ පෙර මං යන තේමාව යටතේ පෝට් සිටි ව්‍යාපෘතියේ සංවර්ධන පරිපාලන රෙගුලාසි එළිදැක්වීම මඟින් වරාය නගර ව්‍යාපෘති මහ සැලැස්ම වේගවත්ව ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි නීතිමය හා කළමනාකරණ ක්‍රමවේද ඇතුළත් නව යාන්ත්‍රණයක් ලබාදී ඇතැයි ද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසයි.

මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතාගේ උපදෙස් මත ව්‍යාපාතිය ක්‍රියාවට නංවන අතර මේ මඟින් බස්නාහිර පළාතම අලුත් සංවර්ධන ක්‍රියාවලියකට පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“සෞභාග්‍යත්වයට පෙර මං” යන තේමාව මුල් කරගනිමින් පෝට් සිටි ව්‍යාපෘතියේ සංවර්ධන පරිපාලන රෙගුලාසි (DCR) එළිදැක්වීම පසුගියදා සිදුවිය. 

ස්වීඩන සැලසුම් උපදේශන සමාගමක් වන ස්වේකෝ ආයතනය විසින් නිර්මාණය කළ පෝට් සිටි ව්‍යාපෘතියේ මහ නගර සැලැස්ම පදනම් කර මෙම සංවර්ධන පරිපාලන රෙගුලාසි සම්පාදනය කරන ලද්දේ ආසියාවේ වශාලතම නාගරික, කාර්මික හා යටිතල පහසුකම් උපදේශන සමාගමක් වන සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් ආයතනය හා මහා බ්‍රිතාන්‍යයේ විශාලම ඉංජිනේරු උපදේශන සමාගමක් වන ඒට්කින්ස් යන සමාගම්හි ද්විත්ව සහභාගිත්වයෙනි.

මෙම සංවර්ධන පරිපාලන රෙගුලාසි ප්‍රථමයෙන් මහනගර හා සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා වෙත හා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලදී. 

එම රෙගුලාසි මඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංවර්ධන කටයුතු මෙහෙයවීම සඳහා සංවර්ධන ඉලක්ක, නිර්වචන හා නීතිරීති ඉදිරිපත් කර තිබේ. මෙම රෙගුලාසි සැලසුමේ මූලික අරමුණ හා දැක්ම විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය නිර්ණායකයකි.

සබානා ජුරොන්ග් ආයතනය පවසන පරිදි, ඔවුන් මෙම රෙගුලාසි සම්පාදනය කිරීමේදී මහ සැලැස්මේ ඇති මූලික අදහස් ගොනු ‍කොට ඒවා නාගරික සැලසුම් මූලධර්ම ඔස්සේ තවදුරටත් විධිමත් කොට ඇත.

තිරසාරත්වය හා ගුණාත්මක ජීවන රටාව ව්‍යාපෘතියේ මූලික හරයයි. කොළඹ වරාය නගරය දැනට පවත්නා කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ දිගුවක් වන අතර එය අනු කලාප පහකින් සමන්විතයි. 

එනම් ජාත්‍යන්තර මුල්‍ය දිස්ත්‍රික්කය, සැහැල්ලු, යාත්‍රාංගණය, ජාත්‍යන්තර දිවයින, උද්‍යාන ආශ්‍රිත වාසය හා දූපත් දිවියයි. විවෘත අවකාශයන් තුළ ඉදිකර ඇති, උද්‍යාන, කෘත්‍රිම ජල තටාක හා ජල මල් වැනි දෑ පෝට් සිටි නගර වාසීන්ට ඇවිදින දුරින් පිහිටා ඇති බවද නිහාල් ප්‍රනාන්දු මහතා පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෝට් සිටි ව්‍යාපෘතිය වේගවත් කරයි.
පෝට් සිටි ව්‍යාපෘතිය වේගවත් කරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwb6ZtySeSyiwM5GmiGvLmD5UcbRA1YHaLSt_aTCcM1XWir9a9T1WcRBX8NTrdJ8Lu1iAdfJ1cqXEuDLPbc7A6fRjRgHJ_rqzKh8N_bHDnVLVUiVBIM7sm6yNvo61H9K88_YpLPc8_XUQ/s1600/port+city+colomo.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwb6ZtySeSyiwM5GmiGvLmD5UcbRA1YHaLSt_aTCcM1XWir9a9T1WcRBX8NTrdJ8Lu1iAdfJ1cqXEuDLPbc7A6fRjRgHJ_rqzKh8N_bHDnVLVUiVBIM7sm6yNvo61H9K88_YpLPc8_XUQ/s72-c/port+city+colomo.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_713.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_713.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy