දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම්
Homeදේශපාලන

එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම්

PropellerAds

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම...

රෝහිතට-ටට්යානාට හනිමූන් කියල ගන්න විශේෂ අද්දැකීමක් තිබුණෙ නෑ.- සමනලී ෆොන්සේකා
චන්ද්‍රිකාගේ තරු හතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය නිදහස අත්තනගල්ලේදී පෙන්නයි,හිරු-දෙරන මාධ්‍යවේදීන් තග දමා පන්නා දමයි..[Video]
චන්ද්‍රිකාගේ තරු හතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය නිදහස අත්තනගල්ලේදී පෙන්නයි.. හිරු-දෙරන මාධ්‍යවේදීන් තග දමා පන්නා දමයි..[Video]
එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පැවැසීය. 
 
ජනතා විමුක්ති පෙරමුණ එම්.සී.සී ගිවිසුම අස්සන් තැබීමට විරුද්ධ යැයි ද එය කොන්දේසි විරහිතව පරාජය කළ යුතු යැයි ද ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය කිරීමට වෙනම කමිටුවක් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයට පෙර තිබූ විරෝධය ව්‍යාජ එකක් යැයි ද ලාල්කාන්ත මහතා චෝදනා කළේය. එම ගිවිසුමට කලින් තමන්ම දැක් වූ විරෝධය නිසා එය අස්සන් කිරීමට නොහැකිව ආණ්ඩුව සිරවීමකට සිටින්නේ යැයි කී හෙතෙම මෙම කමිටුව හරහා කල්මැරීමෙන් ජනතාවගේ ඇස් වසා එය අස්සන් කිරීමේ සූදානමක් පෙනෙන්නේ යැයි ද කීය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ද ආණ්ඩුව පෙර දැක් වූ උනන්දුවෙන් ක්‍රියා නොකරන්නේ යැයි ද ලාල්කාන්ත මහතා කීවේය.

කේ.ඩී ලාල්කාන්ත මහතා මෙසේ ද කීය. 

"රනිල් වික්‍රමසිංහ මැතිතුමා පීඩාවට පත්වෙන ඔහු හිරවෙන ක්‍රියාකාරිත්වයකට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව යාවි කියලා හිතන්න බෑ. එනිසා රනිල්ව බේරාගැනීමේ ඉඩ තබාගනිමින් තමයි ඔය ඕනෑම එකක් වෙන්නේ. මොකද බැඳුම්කර කතාව රනිල් වික්‍රමසිංහ මහත්තයට විතරක් හේත්තුවෙච්ච එකක් නෙවෙයි. රනිල්ගෙ ආණ්ඩුවට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයලගෙ ආණ්ඩුවෙ බලධාරින්ටත් බැඳුම්කර කතාවේ අදාළකමක් තිබෙනවා. ඒ නිසා ඔය බැඳුම්කර හොරු හරියට අල්ලනවා නම් දෙපාර්ශ්වයේම කට්ටිය ඒකට කොටු වෙනවා. ඒ නිසා මේක යටපත් කරමින් සමාජයට අමතක කරමින් යන්න හදන භාවිතාවක් තමයි අපට ආණ්ඩුවෙන් පෙන්නුම් කරන්නේ. ජනතාව හිතනවා නම් මෙවැනි ප්‍රශ්නවලදි ජනතාවගෙ පැත්තට සාධාරණයක් වෙයි කියලා ඒක වෙන්නේ නෑ. මොකද ඒගොල්ලො මේගොල්ලො දෙපැත්තට ෂොට් එක දෙන්න ගියොත් දෙපැත්තටම හානි වෙනවා. ඉතිහාසයේ කවදාකවත් දෙපැත්තට හානි වෙන වැඩ මේ අය කරලා නෑ. ඔය පොඩි එකෙක් මොකෙක් හරි අල්ලගෙන වැඩක් දුන්නොත් මිසක් ලොකු ලොකු දේවල් වෙයි කියලා අපි හිතන්නේ නෑ."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29432,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම්
එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම්
http://am.lk/media/k2/items/cache/6c911b5d2bed73498809e19b3b3d9321_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_482.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_482.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy