රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණය සාධාරණ තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයව...
රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණය සාධාරණ තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම අධිකරණ තීන්දුවෙන් පසු රාජිත සේනාරත්න මහතා සැඟවී සිටි බවට තමන් විශ්වාස නොකරන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම රට තුළ ස්වාධීන පොලීසියක් හා ස්වාධීන අධිකරණයක් ඇති කිරීමට රාජිත සේනාරත්න මහතා දැඩි අරගලයක නිරත වු බවත් කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS