රටේ ආරක්ෂාව, ආර්ථිකය සම්බන්ධයෙන් අතිශය වැදගත් විෂය පථ සඳහා ඇමතිවරුන් පත් කිරීමේදී එම පුද්ගලයන් පිළිබඳව දේශීයව පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්...
රටේ ආරක්ෂාව, ආර්ථිකය සම්බන්ධයෙන් අතිශය වැදගත් විෂය පථ සඳහා ඇමතිවරුන් පත් කිරීමේදී එම පුද්ගලයන් පිළිබඳව දේශීයව පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම ද සැලකිල්ලට ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරය අතරතුර බීබීසී සිංහල සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙවර කැබිනට් සංශෝධනය අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමක් ලෙස සැලකිය හැකි බවත් ඒ නිසා මෙම කැබිනට් සංශෝධනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
ජනතාවට විශ්වාස කළ හැකි පුද්ගලයන් තනතුරුවලට පත්කිරීමට දේශපාලන පක්ෂවල වගකීම බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ ඒ සඳහා ජනාධිපතිවරයා ලෙස තමාට ගත හැකි සියලුම උත්සාහයන් ගන්නා බවයි. දැනට පවතින කැබිනට් මණ්ඩලයේ විෂයයන් බෙදීම සහ ආයතන වෙන්කිරීම අවුල් ජාලාවක් වී ඇති බවත් එහෙත් ඉදිරි කැබිනට් සංශෝධනයේදී එම අඩුපාඩු මඟහරවා ගනිමින් විද්‍යාත්මක පදනමක් මත විෂයයන් බෙදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ සහ අද අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වෙන අතර එහිදී කැබිනට් මණ්ඩලය පත්කිරීම පිළිබඳ අවසන් තීරණයට එළඹෙනු ඇති බවයි වාර්තා වන්නේ.
- ආශිකා බ්‍රාහ්මණ
COMMENTS