දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුහුදු ඛාදනයට පිළියම් ඉල්ලා කුඩාමඩුවැල්ල වැසියන් විරෝධතාවයක
Homeදේශපාලන

මුහුදු ඛාදනයට පිළියම් ඉල්ලා කුඩාමඩුවැල්ල වැසියන් විරෝධතාවයක

PropellerAds

මහවැව තොඩුවාව මාර්ගයේ කුඩාමඩුවැල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරස් කරමින් මේ විරෝධතාවය පැවැති අතර පැය දෙකකට ආසන්න කාලයක් මෙය පැවැත්විණි. ...

රන්ජන්ට නිවසත් අහිමි වෙයි! බඩුත් ගෙනියන්න කියයි
ජනපති හදිසියේම ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවයි
සංචරණ සීමා වෙනසක්! විවාහ කටයුතුවලට අවසර හිමිවන හැටි
මුහුදු ඛාදනයට පිළියම් ඉල්ලා කුඩාමඩුවැල්ල වැසියන් විරෝධතාවයක

මහවැව තොඩුවාව මාර්ගයේ කුඩාමඩුවැල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරස් කරමින් මේ විරෝධතාවය පැවැති අතර පැය දෙකකට ආසන්න කාලයක් මෙය පැවැත්විණි. මෙහිදී ප්‍රධාන මාර්ගයේ බිම වැතිර ගත් විරෝධතාකරුවන් බලධාරීන් පැමිණෙන තෙක් විරෝධතාවය අත් නොහරින බව ප්‍රකාශ කළත් පසුව බලධාරීන් කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් විරෝධය අත්හැරීමට කටයුතු කළේය.

නිවාස මුහුදට බිලි වෙයි

මේ වන විට කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ මීටර් එකසිය පනහක පමණ ප්‍රදේශයක් මුහුදුබත් වී ඇති අතර තාවකාලික කුඩාරම් රැසක් විනාශ වී ස්ථිර නිවාස කීපයක්ද මුහුදු බත් වීමේ අවධානමක් හටගෙන තිබේ. නිවාස කීපයකට මුහුදු ජලය ගැලීම හේතුවෙන් නිවාස අත්හැර යාමට තමන්ට සිදුව ඇති අතර ළිං රැසකට ලවණ ජලය මිශ්‍ර වී ඇති බවද විරෝධතාකරුවෝ පවසති.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ මේ මුහුදුඛාදනයට ප්‍රධාන හේතුව පොර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා මීගමුව ආශ්‍රිත ප්‍රදේශයෙන් මුහුදු වැලි ලබා ගැනීම බවයි. ජාතික ධීවර සහයෝගිතාවය මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක්ද සිදු කළ අතර එම ව්‍යාපෘතිය සඳහා වැලි ලබා ගැනීමට විරෝධය පළ කරමින් කළු පැහැති බැලුන් ගුවන් ගත කිරීමක්ද මෙහිදී සිදු විය. එම කළු පැහැති වායු බැලුවල "පොර්ට් සිටිය එපා, ජනතාවගේ විරෝධය" යන්න සටහන් කර තිබිණි.

එක නගරයක් හදලා නගර රැසක් විනාශ කරනවා

මෙහිදී අදහස් දැක්වූ ජාතික ධිවර සහයෝගිතාවයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා,

"අද වන විට කොළඹට උතුරු ප්‍රදේශයේ ගම්මාන රැසක් මුහුදුබත් වීමේ අවදානමක් ඇති වී තිබෙනවා. මෙයට ප්‍රධානම හේතුව වසර දෙකකට ආසන්න කාලයක සිට පොර්ට් සිටි ව්‍යාපාරය සඳහා මීගමුව ආශ්‍රිත මුහුදෙන් නැව් මඟින් වැලි පොම්ප කිරීම. මේ ව්‍යාපෘතිය පසුගිය රජය ආරම්භ කළත් මේ රජය මෙය නවත්වන බවට මැතිවරණ පොරොන්දුවක් ජනතාවට ලබා දී තිබුණා. එක නගරයක් හදලා නගර රැසක් විනාශ කිරීම තමයි මින් දැන් සිදුව තිබෙන්නේ. මේ රජය මේ ව්‍යාපෘතිය නවත්වන්නේ නැත්නම් චීන රජයෙන් හෝ ඉල්ලිය යුතුයි මෙය නවත්වන්න කියලා. අද අපි මේ කළු පැහැති බැලුන් ගුවන් ගත කරලා කළෙත් අපේ රටේ රජයට මෙන්ම චීන රජයටත් මේ පිළිබඳ විරෝධය පළ කිරීමක්."

එසේම තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් දිගින් දිගටම විරෝධතාවයේ නිරත වන බවද විරෝධතාකරුවෝ එහිදී පැවසූහ. මේ විරෝධතාවයට සමගාමීව මිගමුව වැල්ලවීදිය, කුට්ටිදුව, කුඩාපාඩුව, මුන්නක්කරය, පිටිපන, බසියාවත්ත, කැපුන්ගොඩ, සරක්කුවයන ප්‍රදේශවලදී ද විරෝධතා සංවිධානය කර තිබුණි.

kuda madu ella 1

kuda madu ella 2

kuda madu ella 3

kuda madu ella 4

ප්‍රසාද් ජයමාන්න - මාරවිල

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුහුදු ඛාදනයට පිළියම් ඉල්ලා කුඩාමඩුවැල්ල වැසියන් විරෝධතාවයක
මුහුදු ඛාදනයට පිළියම් ඉල්ලා කුඩාමඩුවැල්ල වැසියන් විරෝධතාවයක
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/17f4d294a2a05161ea02a12b4f8d51ba_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_564.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_564.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy