මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙ...
මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු බව ය.
34 හා 38 හැවිරිදි සැකකරුවන් කහවත්ත, අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
එක් හමුදා කෝප්‍රල්වරයෙකු 143 වන බලසේනා මුලස්ථානය නියෝජනය කරන අතර අනෙක් යුද හමුදා කෝප්‍රල්වරයා නියෝජනය කරන්නේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවයි.
ඔවුන් අද පූජාපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
COMMENTS