ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු මහතා ලබන 12 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරු අද (09) කොළඹ කොටුව මහේස්...
ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු මහතා ලබන 12 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ නියෝගය නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
එදිනට ඇප ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමට මහේස්ත්‍රාත්වරිය නියම කර තිබේ.
ක්‍රීඩා උපකරණ ගෙන්විමෙන් රුපියල් මිලියන 39ක මුදලක් අව භාවිත කළ බවට හිටපු සභාපතිවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් චෝදනා ගොණු කොට තිබේ.
COMMENTS