ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (07) රාත්‍රීයේදී විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ. ඒ අනුව එළඹෙන සිං...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (07) රාත්‍රීයේදී විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ.
ඒ අනුව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කිරීමට එහිදී තීරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූවේ ඊයේ (07) රාත්‍රියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත් වුනු සාකච්ඡාවේදී අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කිරීමට එකඟ වූ බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී එයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සමඟ තවදුරටත් කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම් දී ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS