දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘‘විශ්වාසභංග ජයෙන් උදම් නොවී ප‍්‍රතිසංස්කරණය කඩිනම් කළ යුතුයි.’’ - ඇමති චම්පික
Homeගොසිප්

‘‘විශ්වාසභංග ජයෙන් උදම් නොවී ප‍්‍රතිසංස්කරණය කඩිනම් කළ යුතුයි.’’ - ඇමති චම්පික

PropellerAds

විශ්වාසභංග ජයෙන් උදම් නොවී ප‍්‍රතිසංස්කරණය කඩිනම් කළ යුතු බවත්  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඒ මහතා, මෙම අ...

ආණ්ඩු පරාජයේ වගකීම මලික් මතට.
එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකඟ වෙයි.
ගෝඨා දිවයිනට.

විශ්වාසභංග ජයෙන් උදම් නොවී ප‍්‍රතිසංස්කරණය කඩිනම් කළ යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඒ මහතා, මෙම අදහස් පලකළේ දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයේ දේශපාලනය කුමක්ද, විශ්වාස භංගය ගෙන ආ අය කිව්වේ අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර සිද්ධියට වගකිව යුතු නිසාත්, ඒ වගේම මහනුවර ඇති වූ ගැටුම්වලට මැදිහත් වී කටයුතු නොකිරීම නිසා ඔහු කෙරෙහි විශ්වාසය භංග වී ඇති බවයි. අපි පළමුවම තෝරාගත යුතු කාරණය වන්නේ බැඳුම්කරයේ වංචාවක් සිදු වූ බව මේ ආණ්ඩුවම පිළිඅරගෙන තිබෙන බවයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත් කර ඒ සම්බන්ධයෙන් වූ ඇමතිවරුන්ට ඉල්ලා අස්වීමට සලස්වල යුක්ති සහගත විදිහට දැන් නඩු පවරලා ඒ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යන බවයි. ඒ වගේම මේ විශ්වාස භංගය ගෙන ආ පිරිස්වලට බැඳුම්කරය හා සමාන එන්ට‍්‍රස්ට් වංචාව, මිග් ගණුදෙනු වංචාව, ඒ වගේම  කොළඹ නගරයේ වටිනා ඉඩම් තුට්ටු දෙකට විකුණලා එම ඉඩම්වලින් කොමිස් ගහගැනීමේ වංචාව, ඒ වගේම බැඳුම්කරයට සම්බන්ධ පර්පචුවල් ටෙසරීස් ආයතනයම 2013 - 2014 වර්ෂවල අනිසි ලෙස මිලියන 864ක් ලාභ ඉපැයීම ආදී චෝදනා 1700 ක් මොවුන්ට එරෙහිව තිබෙනවා.

මෙය දූෂණයට එරෙහිව ආ කි‍්‍රයාවලියක් නෙමෙයි. ඒ වගේම මහනුවර තෙල්දෙනියේ සිදුවීම පිළිබඳව මහින්ද රාජපක්ෂගේ අසූචි වලේ ලැගලා ඉන්න සූකර දේශපාලකයින් අන් අයට මඩ ගහන්න උත්සාහ කළාට මේ වන විටත් පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු 6 දෙනෙක් ඒ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වී හෝ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිනවා. එක්තරා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුත් මේ කුපිත කිරීම්වලට සම්බන්ධව දැන් පරීක්‍ෂණ පවත්වාගෙන යනවා. එහෙමනම් මේ සියල්ලේම චෝදනා අභිමුඛ කාරණය ගත්තොත් එය ඉදිරිපත් කිරීමේ සදාචාරාත්මක අයිතියක් රාජපක්ෂ කලිල්යට තිබුණේ නැහැ. එහෙමනම් ඔවුනට තිබුණේ කුමක්ද? ඔවුනට තිබුණේ පැහැදිලි දේශපාලන උවමණාවක්. එහි අවසාන ප‍්‍රතිඵලය වෙලා තිබෙන්නේ කුමක්ද? එහි අවශ්‍යතාවය තිබුණේ පලාත් පාලන මැතිවරණයෙන් යම්කිසි ජයග‍්‍රහණයක් ඔවුන් ලබාගත්තද, 39% ක හෝ එය ජාතික දේශපාලනයෙත් ඉදිරියට ගෙන යන්න පුළුවන් කියල මේ රාජපක්ෂ කල්ලියේ රිංගාගෙන සිටින අර Ku Klux Klan  කල්ලිය එහෙම නැත්නම් ටි‍්‍රපල් කේ කල්ලිය, කේලමෙන්, කෙටවීමෙන් ඒ වගේම කුට්ටියෙන් දේශපාලන ගෙනයන දෙතුන් දෙනෙකුගෙන් සමන්විත කල්ලියකින් යුතුව මේ රාජපක්ෂගේ අනුහසින් ලබාගත්ත මේ ලක්‍ෂ 47 ඡුන්දය පාවිච්චි කරලා තමන්ට පුළුවන්ය කියලා ආණ්ඩුවක් පිහිටුවල මැති ඇමති කම් අරගෙන තමන්ගේ කුට්ටිය නැවත සරි කරගන්න ඔවුන්ට හැකිවේවි කියලා විශ්වාස කලා.

නමුත් අවසානයේ සිදු වුණේ කුමක්ද? අවසානයේ දී පොහොට්ටුවේ මැතිවරණ ජයග‍්‍රහණය රාජපක්ෂ කල්ලියේ ජනමාධ්‍ය විසින් ඉහළට එසෙව්වා මේ විශ්වාස භංගය ජය ගැනීම ඉර හඳ වගේ විශ්වාසයි කියලා. තක්කඩි, අසූචි වලේ ඉන්න සූකරයින්ගේ වර්ණනාවලට විශාල ඉඩකඩක් රටේ ලබාදීලා, රටේ ජනතාව මේ විශ්වාස භංගය ඔස්සේ දෙපැත්තට බෙදලා ඉහළට ඔසවලා තැබුවා. අවසානයේදී ඉහළට ඔසවපු රාජපක්ෂ කල්ලිය බිමට අත ඇරීම තමයි මේ ඇත්තන් කලේ. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහත්මයාට නව ජීවනයක් ලබාදීම තමයි මේ හරහා සිදුවුණේ. ඒ නිසා තමයි ඊයේ අග‍්‍රාමාත්‍යවරයා මේ සඳහා ඉදිරිපත් වූ අසූචි වලේ සූකරයින්ට තැන්ක් යූ කියලා උස් හඬින් පාර්ලිමේන්තු ලොබියේදී කිව්වේ වෙන අන් කවරක් නිසාවත් නෙමෙයි එතුමාට ලබාදුන් මේ නව ජීවනය නිසයි. ඇත්තටම මෙතන සිදු උනේ කුමක්ද? මෙතන සිදුවුණේ පැහැදිලි දේශපාලන කුමන්ත‍්‍රණයක්. මේ කුමන්ත‍්‍රණයේ අරමුණ තිබුණේ කුමක්ද? මේ රාජපක්ෂ කල්ලියට ගාල් වෙලා ඉන්නවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පිටින් ආපු තම තමන්ගේ හිටපු දේශපාලන පක්ෂවලට කෙකා පෙන්වපු කොකා පෙන්වලා විදේශ රටවල කෝටි ගණන් ප‍්‍රකෝටි ගණන් මෙරටටත්, විදේශ රටවලත් රැස් කර ගත්ත අර ටි‍්‍රබල් කේ කල්ලිය. ඇමරිකාවේ තිබෙනවා Ku Klux Klan  කියලා ජාති වාදී කල්ලියක්. මේ අයගෙනම් ජාතිවාදයක් නැහැ. මේ අයගේ දෙමාපියන්, දූ දරුවන් ඉන්නේ විදේශ රටවල. විශේෂයෙන්ම ඉංග‍්‍රීසින් අදහන රටවල්වල ජීවත්වන පිරිසක්. මේ අයට අවශ්‍ය උනේ මොකද්ද? තමන්ට හැකි ඉක්මනින් ඇමතිකම් අරගෙන තමන්ගේ නඩු හබ ටික යටගහ ගන්න පුළුවන් වෙයිද කියලා. මේකට සම්බන්ධවෙලා ඉදිරියෙන්ම සිටි පිරිස්වල නඩු හබ දැන් උසාවියේ විස්තර වීගෙන යනවා. හොර පාස්පෝට් හදපුවා, හොර අත්සන් ගහපුවා, ප‍්‍රකෝටි ගණන් ධනය මංකොල්ල කාපුවා අයථා විදිහට ධනය හම්බු කර ගත්ත නඩු හබ ටික දැන් ඇසෙමින් තිබෙනවා. ඊට ප‍්‍රථම ඇමතිකම් අරගෙන මේවා යටගහ ගන්න පුළුවන්ද කියලා තමයි ඔවුන් බැලූවේ.

ඒ වගේම මේ ඇත්තන්ට බලය නැතුව බැහැ. බලයත් සමග ඔවුන් හිතුවා මේ සේරම යටගහගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම මෙතන අභ්‍යන්තර අරගලයක් තිබුණා. ඒ තමයි මේ පොහොට්ටු පක්ෂය පිහිටෙව්වට පස්සේ ඒ පක්ෂයයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි අතර සන්ධානයක් ඇති කර ඉදිරියට යාමේ උත්සාහයක් ජනාධිපතිතුමා සමග හිටපු පිරිසක් අතරේ තිබුණා.  නමුත් බැසිල් රාජපක්ෂ මහතා මෙයට තරයේම විරුද්ධ උනා. ඔහු පොහොට්ටුව තනියෙන්ම මැතිවරණයට ගෙන ගියා. මොකද ඔහු දන්නවා තනියෙන්ම මැතිවරණයට ගිහින්ලා ජනාධිපතිතුමාගේ පාර්ශවය පරාජය කිරීමයි බැසිල් රාජපක්ෂගේ අධිෂ්ඨානය උනේ. ඒ අතරේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේ පොහොට්ටුවේ බලය තහවුරු කර ගැනීමත් සමගම අර කේලංකාර, කෙටවිලි කාර, කුට්ටියට දේශපාලනය කරන පිරිස්වලට ඒ පොහොට්ටුවේ තැන නැතිවන බව ඔවුන්ට දැනුණා. ඔවුන් පෙළ ගැසුණා ගෝඨාභය පිටිපස්සේ. ගෝඨාභයට ඇති ආදරයකට නෙමෙයි රාජපක්ෂ පවුල කෙටවීමේ අරමුණින් ඔවුන් ගෝඨභය පිටුපස පෙල ගැසී මෛත‍්‍රී ජනාධිපතිතුමාට ඉදිරියේ ජනාධිපති මැතිවරණයේ තරඟ කරන්නත්, ගෝඨාභය අගමැති කරන්නත් කියලා අර මෛත‍්‍රී ජනාධිපතිතුමා වටේ හිටපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට තවත් කේලමක් කියලා කෙටවිල්ලක් කරලා කුට්ටියක් කඩා ගන්නයි බැලූවේ.

අවසාන වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් දේශපාලන වශයෙන් අසරණ උනා. ඒ වගේම ඔවුන් මේ පිරිස සමාජය ඉදිරියේ නිරුවත් උනා. බැසිල් රාජපක්ෂ මහත්මයා බොහෝ අසීරුවෙන් පළාත් පාලන මැතිවරණයේදී ලබාගත්ත ජයග‍්‍රහණයත් ජාතික මට්ටමින් විනාශ කරලා දැම්මා. දැන් ඉතින් බැසිල්ගේ වාරය. මේ විවිධ දේශපාලන පක්ෂවල අතීතයේ හිටපු අයගේ කැපවීම්වලින්, දාඩිය මහන්සියෙන්, ජනමාධ්‍යවලින් උඩට ඇවිල්ලා, ඒ සියළු දෙනාටම කොකා පෙන්නලා, කුට්ටි ගාරා ගත්ත දේශපාලන සූකරයින්ට දැන් පාඩම ඉගැන්වීමට බැසිල් රාජපක්ෂ මහත්මයාට වාරය එළඹිලා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයින් උදම් විය යුතු නැහැ අපි මහා ජයග‍්‍රහණයක් ලබාගත්තයි කියලා. මොකද පාර්ලිමේන්තුවේ ජයග‍්‍රහණයට වඩා වැදගත් වන්නේ ජනතාවගේ ජයග‍්‍රහණය. පළාත් පාලන මැතිවරණයේ ලැබිච්ච ප‍්‍රතිපල වලින් පෙන්වා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට රටේ ජනගහණය 28% ක් පමණයි ඡුන්දය ලබාදී තිබෙන්නේ කියලා. මේ විදිහට අපි ඉදිරියට ගමන් කළොත් එක්සත් ජාතික පක්ෂයේ තිබෙන පෙරමුණට තිබෙන ඡ‍න්ද ප‍්‍රමාණය තවත් අඩුවෙලා ඒක ඉතාම සුළු පක්ෂයක් බවට පත්වීම වලක්වන්න බැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දේපාලන වශයෙන් අතු ගෑවිලා ගියා වගේ ගමනක අවසානයක ගියා වගේ එක්සත් ජාතික පක්ෂයටත් වෙනස් නොවුනහොත් ඒ ඉරණම අත්වෙන්න ඉඩ තිබෙනවා.

අපි දන්නවා රටක් පාලනය කරද්දි කණ්ඩායම් දෙකකට ඉතාම වැදගත් විදිහට ඒ ආණ්ඩුව තමන්ගේ ස්ථාවර භාවය පළ නොකළහොත් ඒ අණ්ඩු බිඳ වැටෙනවා. එක කණ්ඩායමක් තමයි දේශපාලන මතවාද ගැන සලකන බඩවියත ගැන නොසිතන මධ්‍යම පන්තිය. අද මේ රටේ ලක්‍ෂ 30 කට අධික ඡන්ද ප‍්‍රමාණයක් හැසිරෙන්නේ ඒ මත. ඒ ජනතාවට යුක්ති යුක්ත කරන්න  ඕනේ තමන්ගේ ඒ ආණ්ඩුවේ ගමන් මග. ඇත්තටම ඇවන්ගාඩ්වරුන්ගෙන් සල්ලි අරගෙන එක්සත් ජාතික පක්ෂයේ ජනවරම පාවාදීපු අය ඇලෝසියස් ලවා මහ බැංකුව කොල්ල කාලා ඒ ජනවරමට පිටුපාපු අය ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුතුයි එක්සත් ජාතික පක්ෂයට ලැබිච්ච ඡන්ද ලක්ෂ 50 ලක්‍ෂ 35ට ඇද වැටීම ගැන. ඒ නිසා ඒ  මධ්‍යම පන්තිය තුළ ඒ එක්සත් ජාතික පෙරමුණ තුළ ඒ වගේම 2015 ජනවාරි මාසෙත්, අගොස්තු මාසයෙත් ලැබිච්ච ජනවරම නැවත ස්ථාපිත කරන්නම් මේ තක්කඩි රැල පිටුපසට කර අලූත් තරුණ පිරිසකට ඉඩකඩ ලබාදීලා පිරිසිදු දේශපාලනයකට මගහසර නිර්මාණය කරගත යුතුයි.

දෙවනුව පාක්ෂිකයා. පාක්ෂිකයන්ට සුදුසුකම් මත හෝ රැකියා ලැබීම තමන් බලයට පැමිණි අය ගැන හැඟීම ඇතිවීම මත තමයි ඒ පාක්ෂිකයා ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වෙන්නේ. වැඩබිමේදී වේවා, ගම්මට්ටමේ වේවා, බිම්මට්ටමේදී වේවා. පහළ මට්ටමේ සංවර්ධනයක් නැත්නම්, ගමේ පාරවල් හැදෙන්නේ නැත්නම්, වැව හැදෙන්නේ නැත්නම්, ගමේ වාරිමාර්ගය කෙරෙන්නේ නැතිනම්, ඒ වෙනුවට කෙරෙන්නේ නැති අහස් මාලිඟා පිළිබඳ කතා පවත්වනවා නම් ජනතාවට ඒ පිළිබඳ කාරණය දැනෙනවා. ඒ වගේම විදුලිබල ක්‍ෂෙත‍්‍රයේ වේවා, ඛණිජතෙල් ක්‍ෂෙත‍්‍රයේ වරාය, ගුවන් තොටුපල ක්‍ෂෙත‍්‍ර මේ හැම තැනකම කිසිම ප‍්‍රගමනයක් ඇතිකරගන්න අපි අසමත් වෙච්ච බව අපි අවංකවම තේරුම් ගතයුතුයි. ඒ නිසා තමයි මම කරුණු 45 කින් යුතු යෝජනාවලියක් රජයට ඉදිරිපත් කළේ ඉදිරි මාස 18 ඇතුළත කි‍්‍රයාත්මක කරන්න. ඒ වගේම ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණයකුත් එයට සාපේක්‍ෂව කළ යුතුයි. මේ කරුණු 45 න් යුතු කි‍්‍රයාදාමය ආර්ථික, සමාජීයීය ඒ වගේම පාරිසරික මේ කි‍්‍රයාදාමය අප ඉලක්ක කර තිබෙන්නේ ගම් මට්ටමේ සංවර්ධනය සඳහා. උදාහරණයක් ලෙස මම යොජනා කර තිබෙනවා සෑම ප‍්‍රාදේශීය සභාවකම තිබෙන කුඩාම ඡන්ද ඒකකය එවැනි ඡන්ද ඒකක 6000 ක් තිබෙනවා. අඩුම තරමේ රුපියල් කෝටියක මුදලක් මේ කුඩාම ඡන්ද ඒකකයට යොමු කර ඒ ගම් මට්ටමේ සංවර්ධනය ශක්තිමත් කරන්න කියලා. ඒ වගේම සමෘද්ධිය පිළිබඳව ප‍්‍රතිසංවිධානයක් ඇති කර ජීවන බරේ පහළින්ම සිටින ලක්‍ෂ 5 ක් පමණ පවුල්වලට රුපියල් 5000 ක මාසික දීමනාවක් අවුරුදු 3 ක් ලබාදීලා ඔවුන් එයින් ගලවා ගන්න කියලා. ඒ වගේම නව කර්මාන්ත කරුවන් 10000 ක් ඉදිරි කාලයේ ඇතිකරගන්න ආයෝජනය කරන්න කියලා. මේ වගේ යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ සියල්ලම කි‍්‍රයාත්මක කිරීමට මේ පළපුරුදු වැඩිහිටි ෙජ්‍ය්ෂ්ඨ ඇමතිවරු සමහරු අසමත් වෙලා තිබෙනවා. සමහරු දැන් මේ නව යුගයට ගැලපෙන්නේ නැති බව පෙන්වා තිබෙනවා. ගැලපුනත්, සමත් උනත් අලූත් පිරිසට තැන දීම අත්‍යවශ්‍ය වෙනවා. එක්සත් ජාතික පක්ෂයෙත් තරුණ මන්ත‍්‍රීවරු 50 කට අධික පිරිසක් පත්වෙලා තිබෙනවා. වෙනත් පක්ෂවලත් තරුණ මන්ත‍්‍රීවරු විශාල පිරිසක් ඉන්නවා. රජයට සහය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් හැකියා පූර්ණ තරුණ පිරිසක් ඉන්නවා. මේ තරුණ පිරිස අතරින් ක‍්‍රියාකාරී අමාත්‍ය මණ්ඩලයක් සකස් කරලා ඔවුනට මේ බර භාර දිය යුතුයි. ඒ අතරින් අපේ පක්ෂයේ නොවුණත් එක්සත් ජාතික පක්ෂයේ රැඩිකල් ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. නව පරපුරකට ඉදිරියට යාමට අවස්ථාව අවශ්‍යයි. මෙය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉටුකළ යුතුමයි. නැතිනම් ඊ ළඟ පළාත් සභා මැතිවරණයේදී පළාත් පාලන ඡන්දයටත් වඩා දරුණු ප‍්‍රතිපළයක් ඇතිවීම වැලැක්විය නොහැකියි.

ඒ අනුව මේ විශ්වාසභංගය ජය ගැනීම නිසා අනිවාර්යයෙන්ම පොහොට්ටු පක්ෂයේ නව දෙදරීම් ඇතිවෙන්න පුළුවන්. පොහොට්ටුව දෙකඩ කරලා ඇමතිකම් කරන්නට ගිය අර Ku Klux Klan කල්ලිය ඒ කියන්නේ කියන්නේ කේලම්, කෙටවිලි, කුට්ටිය බලාගෙන ගිය දේශපාලන ගණිකාවන්ගේ යුගය අවසන් කිරීමට හැබෑ පොහොට්ටු පක්ෂයේ සාමාජිකයන්ට රාජපක්ෂවාදීන්ට හැකියාව ලැබෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වගේම ආණ්ඩුව ප‍්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ජනාධිපතිතුමාට, අගමැතිතුමාට තිබෙනවා මේ මාස 18 ඇතුළත. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ ජනවරමත් 2015 අගෝස්තු මහ මැතිවරණ වගකීමත් ඉටු කරන්න. නැතිනම් මේ රටේ උගත් මධ්‍යම පන්තියත්, පහල පාක්ෂිකයත් තව දුරටත් කළකිරිලා රට අගාධයට පත්වීම වලක්වන්න බැහැ. ඒ නිසා වහාම මේ ඉදිරි කාලයේදී මේ විශ්වාස භංග ජයෙන් උදම් නොවී ප‍්‍රතිසංස්කරණය කඩිනම් කළ යුතුයි, ඉක්මන් කළ යුතුයි, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන තරුණ නායකත්වයට පක්ෂය තුළත්, පෙරමුණ තුළත්, ඒ වගේම මධ්‍යම ආණ්ඩුව තුළත් බලතල ලබාදිය යුතු යැයි ද පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘‘විශ්වාසභංග ජයෙන් උදම් නොවී ප‍්‍රතිසංස්කරණය කඩිනම් කළ යුතුයි.’’ - ඇමති චම්පික
‘‘විශ්වාසභංග ජයෙන් උදම් නොවී ප‍්‍රතිසංස්කරණය කඩිනම් කළ යුතුයි.’’ - ඇමති චම්පික
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCW-CZwacJqZRpzZ66YHOY8cavZXMzNIz2GEws4xW_f377sUPVQVLBKbh3W5ka7eSswaZg43iX47XKdON5jil1U1vIE46iaiTl1iYuANvRVKK4IDm93FUyf5GWv53_ziSMKXxn81A2uQU/s1600/champika_r_b.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCW-CZwacJqZRpzZ66YHOY8cavZXMzNIz2GEws4xW_f377sUPVQVLBKbh3W5ka7eSswaZg43iX47XKdON5jil1U1vIE46iaiTl1iYuANvRVKK4IDm93FUyf5GWv53_ziSMKXxn81A2uQU/s72-c/champika_r_b.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_368.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_368.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy