දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"රත්තරන් මත පැනවූ බද්ද අනවශ්‍ය දෙයක්" - රවී

ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා කොළඹදී පෙරේදා (20) පැවැසීය.  ආණ්...

ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා කොළඹදී පෙරේදා (20) පැවැසීය. 

ආණ්ඩු වෙනස් වුවද දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීම නිසා මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුව ඇතැයි ද හිටපු මුදල් හා විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කීය.  
කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා එම කරුණු කීවේය.
 
දින සියයක් ඇතුළත් රටේ ආර්ථිකය ගොඩනංවන බව බව කී හිටපු අමාත්‍යවරයා දක්ෂ නිලධාරීන් පිරිසක් හා එක්ව එම අභියෝගයට මුහුණ දෙන බව ද කීය.

උත්සව සභාව ඇමතූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.
 
“මම දින 100ක් ඇතුළත රටේ ආර්ථිකය ගොඩනංවනවා. දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙනවා. ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම් වලට තමා තරයේ විරෝධය පළ කරනවා. අද වනවිට ආනයනික රත්තරන් මත සියයට 15ක බද්දක් පනවලා. එම බදු පැනවීම අනවශ්‍ය දෙයක්. ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුවනවා.  අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා. දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා, රටේ ආර්ථික අර්බුද සහ අනෙකුත් අර්බුද උත්සන්න වෙලා.”

“අපි කවුරුත් දන්නවා පෙරහර ගත්තහම ඒකෙ ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්මන හස්තියාට,  ඒ හස්තියා ගමන් ගන්නෙ ඒ සඳහා විශේෂයෙන් සකස් කළ පාවඩ මතින්,   ඊළඟට ඒ ඒ දේවාල වල නිලමේවරුන්, ගමන් ගන්නා අලි, ඇතුන්.අද වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම්කාරයෝ, අලි පැටවුන්, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ඉදිරියෙන් යන්නේ. රටේ වත්මන් තත්ත්වයත් මේවගේ තමා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්  රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒක අපේ නායකයන් දෙදෙනා අවබෝධ කරගෙන ඇතිබව මම හිතනවා.” යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රත්තරන් මත පැනවූ බද්ද අනවශ්‍ය දෙයක්" - රවී
"රත්තරන් මත පැනවූ බද්ද අනවශ්‍ය දෙයක්" - රවී
http://am.lk/media/k2/items/cache/3a3b97881e40b43910d05586ef625052_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_358.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_358.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy