ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාවාදීමේ පුරුද්ද නැවත වරක් ඊයේ (04) ඔප්පු වූ බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පව...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාවාදීමේ පුරුද්ද නැවත වරක් ඊයේ (04) ඔප්පු වූ බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම පිළිබඳව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාවාදීමේ පුරුද්ද නැවතවරක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඔප්පු වුණා. පළමුව ඔහු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එයට සහාය දැක්වීමට පොළඹවා පසුව එය වෙනස් කළා. ඔහු නිදහම් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් පාවාදුන්නා.“
COMMENTS