ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 06දෙනකු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර වල වැඩ බැලීම සඳහා කැබිනට් ඇමැතිවරුන් සිව්දෙනකු පත් කර ති...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 06දෙනකු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර වල වැඩ බැලීම සඳහා කැබිනට් ඇමැතිවරුන් සිව්දෙනකු පත් කර තිබේ.
ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ඇමැති සරත් අමුණුගම මහතා ද, ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා රංජිත් සියඹලාපිටිය මහතා ද, ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ බැලීමට අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද, සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍යංශයේ වැඩ බැලීමට ඇමැති මලික් සමරවික්‍රම මහතා ද පත් කරනු ලැබ සිටිති.
මෙලෙස පත්කර ඇති නව අමාත්‍යවරුන්ට දැනට දරණ අමාත්‍යධූරවලට අමතරව තාවකාලිකව මෙම අමාත්‍යධූර හිමිවන අතර පූර්ණ කැබිනට් සංශෝධනයක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පසු සිදු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.
COMMENTS