තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්ෂයේ සුදුසු නායක තනතුරක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේනම් පමණක් අග්‍රාමාත්‍ය...
තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්ෂයේ සුදුසු නායක තනතුරක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේනම් පමණක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තාවේ.
එසේ නොකරන්නේනම් විශ්වාසභංගයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කරන බවද හෙතෙම අගමැතිවරයාට දැනුම්දී ඇත.
විශ්වාසභංගය සම්බන්ධයෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයා විසින් ඊයේ(02) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණද, එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මැදිහත්වීම මත එය අද දිනය දක්වා කල් දමා ඇති බවද එජාප ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අද (03) සාකච්ඡා කර තීරණයක් ලබාදීමට අගමැතිවරයා එකඟ වී ඇතැයිද වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද සහභාගී වී තිබේ.
එහිදී එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර රතන හිමියන්ද එක්සත් ජාතික පෙරමුණේ සෙසු මැති ඇමතිවරුන් ඉදිරිපත් කළ මතයට වෙනස් මතයක් ඉදිරිපත් නොකළ බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
COMMENTS