දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැයි 8වැනිදා තීරණාත්මකයි : ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය පරදවන සැලැසුමක්.
Homeගොසිප්

මැයි 8වැනිදා තීරණාත්මකයි : ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය පරදවන සැලැසුමක්.

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබන මැයි 8 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය, පාර්ලිමේන්තුවේදී පරාජය...

රිය අනතුරකින් තරුණයෙකු මැරුවැයි නුවන් කුලසේකර අත්අඩංගුවට
පොදු උද්‍යානයේ ‘තට්ටම් සෙල්ෆි’ ගහන්න හැදූ තරුණිය
මහින්ද මැදමුලනේ බලියක් බලන්න ගිහින්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබන මැයි 8 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය, පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන මන්ත්‍රි කණ්ඩායමක් සාකච්ඡා ආරම්භ කර ඇත.

එදින ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වා, එම ප්‍රකාශය පරාජය කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බවත් ඒ අනුව නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බවත් එම මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළහොත් එවිටද ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කළහොත් 70 වැනි ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කළ හැකි බව සැලකිල්ලට ගනිමින් එම මන්ත්‍රි කණ්ඩායම මෙසේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට අදහස් කර ඇති බව දැනගන්නට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවී, විවිධ උපක්‍රම යොදමින් නායකත්වයේ රැඳී සිටීමට ගෙනයන වැඩපිළිවෙළට එරෙහි වී සිටින එම පක්ෂයේ රනිල් විරෝධී කණ්ඩායමේ පිරිසක්ද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට එකඟත්වයක් පළ කර ඇති බව දැනගන්නට ඇත.

ප්‍රතිපත්ති ප්‍රකාශය පැරදුණොත් පෙරැළියක්

පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා පවසයි.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරිය හැකි බව ද නැතිනම් නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැකි බව ද ඔහු පැවැසුවේය.

අගමැතිවරයා සම්බන්ධ දෙවැනි පරීක්‍ෂණයකට එළැඹීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇතැයි ද පවතින වාතාවරණය යටතේ ජනාධිපතිවරයා නව සැසිවාරයේදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇත්තේ විශ්වාසය පළ කළ නොහැකි තත්ත්වයක් බව ද හෙතෙම පැවැසීය.

කෙසේ වෙතත් මේ වන විට එ.ජා.ප.යේ ප්‍රතිසංවිධාන කටයුතුවල පවතින ගැටලු හේතුවෙන් එම පක්‍ෂය ඇතුළත කැලඹීමක් පවතින බවත් ආණ්ඩුවේම කොටසක් විපක්‍ෂයේ අසුන් ගැනීම වැනි මතභේදාත්මක තත්ත්වයන් හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව ඡන්දයකට යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව ද ඔහු පැහැදිලි කළේය.

එවැනි අවස්ථාවකදී රහස් ඡන්දයකට යෑමේ පූර්වාදර්ශ පවතින බවත් 1960 මාර්තුවේදී රාජාසන කතාව පරාජය වීම එම පූර්වාදර්ශයන්ගෙන් එකක් බවත් ප්‍රතිභා මහනාම මහතා සිහිපත් කළේය.

එසේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීම යනු ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ ගැටලුවක් වන හෙයින් අගමැති ධුරය හිස්වන අවස්ථා දැක්වෙන, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46 (2) ආ හි පවතින වෙනත් කාරණයකදී යන වගන්තිය උපයෝගි කර ගනිමින් ජනාධිපතිවරයාට උක්ත කටයුත්ත සිදුකළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැයි 8වැනිදා තීරණාත්මකයි : ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය පරදවන සැලැසුමක්.
මැයි 8වැනිදා තීරණාත්මකයි : ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය පරදවන සැලැසුමක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm7yy39ubmtB-HGpXRCBedP8AQh8JwAECeCG74HZq06CbqvmnFYnDegZg8ayluBJXGN_W3s5N86XVJievKpJJhaBilItJ4HJKBHPn0d0ikxGwVKChApvJqF5o7t5RS8V7k01G05Em_sgA/s1600/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm7yy39ubmtB-HGpXRCBedP8AQh8JwAECeCG74HZq06CbqvmnFYnDegZg8ayluBJXGN_W3s5N86XVJievKpJJhaBilItJ4HJKBHPn0d0ikxGwVKChApvJqF5o7t5RS8V7k01G05Em_sgA/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy