ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේවන විට වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24...
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේවන විට වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158.69ක් ලෙස දැක්වේ.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.
අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 154.91 ක් ලෙස දැක්වේ.
දේශපාලන අර්බුදය, විදේශ විනිමය ලංකාවට ගලා ගෙනඒම, විදේශ ආයෝජන නොමැති වීම, ආනයන වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ.
පසුගිය මාස කිහිපය තුළදීම ඩොලරයක විකුණුම් මිල රුපියල් 155,156,157 යන අගයන් අතර පැවැතිණි.
COMMENTS