දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Facebook තහනම කොයිබට ද..? [Video]
Homeගොසිප්

Facebook තහනම කොයිබට ද..? [Video]

PropellerAds

(උපුටා ගැනීම : News 1st) සමාජ ජාල මාධ්‍ය තහනම ඉවත් වන්නේ කවදා ද.? මෙය මේ වන විට මෙරට තරුණ පරම්පරාව ප්‍රමුඛ බොහෝ දෙනෙකුට අසන ප්‍රශ්නයක් ව...

අදාල නෑනේ Hitan - පෝස්ටරේ ඉස්සුවේ ධනසිරිගේ නෑයෙක්ලූ
Chandimal Jayasinghe Beauty Salon Opening
ඔලිම්පික් පදක්කම් සටහන - ජනගහණය අනුව නවසීලන්තය එක

(උපුටා ගැනීම : News 1st)

සමාජ ජාල මාධ්‍ය තහනම ඉවත් වන්නේ කවදා ද.?
මෙය මේ වන විට මෙරට තරුණ පරම්පරාව ප්‍රමුඛ බොහෝ දෙනෙකුට අසන ප්‍රශ්නයක් වී තිබේ.

සාමාජ මාධ්‍ය තවදුරටත් තහනම් කර තැබීමට විරෝධය පළ කිරීමට අද තරුණ කණ්ඩායම් කිහිපයක් කොළඹ දී නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබිණ.

නමුත්, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් විරෝධතා පැවැත්විය නොහැකි බව පොලීසිය ඔවුන්ට දැනුම් දුන්නේ ය.

සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් තාවකාලිකව අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන සමාජ ජාල ක්‍රියාකරුවෙකු වන විමුක්ති දුෂාන්ත පැවසුවේ, ජාතික ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වූ තැන ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අවස්ථාව අවහිර කිරීමට දැඩි ලෙස විරෝධය පළ කරන බවයි.




“පැය 72ක් ‍Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තහනම් කලා. ඒ සම්බන්ධයෙන් අපි විරෝධතාව පළ කළේ, නෑ. ඒ අවස්ථාවේ රටේ ජාතික ප්‍රශ්නයක් මතු වෙලා තිබ්බ හින්දා. නමුත් ඒ මතු වෙච්ච ජාතික ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණා ම මේ ජනතාව තොරතුරු දැන ගැනීමේ මාධ්‍ය, ජනතාව අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය අවහිර කරන එක අපි දැඩි ලෙස විරෝධය පළ කරනවා”

කෙසේ වෙතත් ඇතැම් වෙබ් අඩවි අත්හිටුවීම සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් නැගෙන්නේ ඊට වඩා වෙනස් වූ අදහසකි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන පැවසුවේ, වෙබ් අඩවිවලට හා මාධ්‍යට අවශ්‍ය කරන නීති රිති සම්පාදනය කළ යුතුව ඇති බවයි.

“විශේෂයෙන් වෙබ් අඩවි බැලුවාම ලංකාවට යුරෝපයෙන් ආදර්ශ අරගෙන ජර්මනිය වගේ ලංකාවෙත් වෙබි අඩවි වලට හා මාධ්‍යට අවශ්‍ය කරන තිති රිති සමිපාදනය කල යුතුව තිබෙනවා. ඇත්තවශයෙන් මැතිවරණ වලදි කඩදාසියක් බෙදා හරින්නනම් කාගේ හරි නමින් මුද්‍රණය කර බෙදා හරි කියලා තියෙන්න ඕනි එතකොට වෙබි අඩවි වල යමක් ප්‍රකාශ කරනවනම් කවුරු හරි ඔහුගේ දුරකතන අංකයෙන් හා ඔහුගේ නමින් ලිපිනයෙන් ඔහු බාර ගත යුතුව තිබෙනවා. වගකිම තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හරහා ලෝකයෙත් ලංකාවෙත් ත්‍රස්තවාදය නිර්මානය කරන්න බෑ. ඒ සඳහා අවශ්‍ය සියලු නීති රීති නිර්මාණය කළ යුතුව තිබේ”

අමාත්‍ය පී.හැරිසන් පවසන්නේ, සමාජ ජාල වෙබ් අඩවි හරහා රටට අහිතකර, ජාතීන් අතර අසමගිය ඇති වන ඉහළ පෙළේ නායකයින්ට විරුද්ධව පරිභව වන ආකාරයේ වැඩසටහන්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

“මින් පස්සේ ෆෙස්බුක් හරහාවත් වෙනත් සමාජ වෙබ් අඩවි හරහාත් රටට අහිතකර දෙයක්, ජාතීන් අතර අසමගියක් ඇතිවෙන දේවල් රටේ ඉහළ පෙලේ නායකයින්ට විරුද්ධව පරිභව කරන විදියේ වැඩසටහන් යනවා නම් ඒ අයට විරුද්ධව සම්පුර්ණම නීතිමය ක්‍රීයාමාර්ග ගන්න දැන් අපි කටයුතු කරගෙන යනවා”

මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ, Facebook තහනම් කිරීමේ අදහසක් රජයට නැතත් ඉදිරියේදී යම් කිසි පාලනයකින් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි.

“ඒක කණ්ඩායමක් කියනවා මේක අවශ්‍ය නෑ කියලා තව කණ්ඩායමක් කියනවා නැවත ක්‍රිියාත්මක කරන්න ඔනි යම් පාලනයක් ඇති කරන්න ඔනි කියලා ඔ පිලිබදව රජය වැඩ පිලිවෙලක් හදනවා. හැබැයි රජයේ අදහසක් නෑ මේක දිගට තහානම් කිරමක් කරන්න යම් පාලනය කිරිමක් කරලා තමයි නැවත මේක ඉස්සරහට දාන්න එනි කියලා ඉන්නේ”

Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, පසුගිය 7 වන දා ය.

විදුලි සංදේශ නියාමන කොමිසම එලෙස සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, මහනුවර ඇති වු කළහකාරී තත්ත්වයත් සමග සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීම සඳහායි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Facebook තහනම කොයිබට ද..? [Video]
Facebook තහනම කොයිබට ද..? [Video]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIz5BBesT3FQ8R6vf8vqAd43rs2L_iV111MMgGYdfGMd5MWAimaLYi1wVKFo0FO0W4GEnQm1OCkC0WkbsUbpXDhpRquWkU0DiBXPEBdtK9PfkyWDBjwRxEZQQMjUyZNvPpeOPoqzy6NOM/s1600/dims.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIz5BBesT3FQ8R6vf8vqAd43rs2L_iV111MMgGYdfGMd5MWAimaLYi1wVKFo0FO0W4GEnQm1OCkC0WkbsUbpXDhpRquWkU0DiBXPEBdtK9PfkyWDBjwRxEZQQMjUyZNvPpeOPoqzy6NOM/s72-c/dims.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/facebook-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/facebook-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy